වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරන අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි

0
284

සටහන – රුවන් නෙළුගොල්ල

සියලුම වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් දක්වා වැඩිකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය 2023 ජනවාරි 01 දින සිට බලාත්මක බවයි එහි දැක්වෙන්නේ.