*
Sunday, December 22, 2024
spot_img

Latest Posts

GDP වලින් බස්නාහිර පළාත ඉදිරියෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ,පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බවයි.

ඒ අනුව , මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවයි. නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ.

එහිදී , බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇති අතර , සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් ව තිබේ. එහිදී, වයඹ පළාත 10.9%ක් ද මධ්‍යඹ පළාත 10.3%ක් ලෙසද එහිදී දායකත්වය ලබා දී ඇත.

බස්නාහිර පළාතේ දායකත්වය සුළු අඩු වීමක් පෙන්නුම් කළද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මධ්‍යම, උතුරු මැද, උතුරු හා දකුණු පළාත්වලින් දක්වන ලද දායකත්වය සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දේ. පෙර වසරට සාපේක්ෂව අඩු වේගයකින් වුවද සියලුම පළාත්වල නාමික දළ දේශීය නිශ්පාදනය 2023 වසරේදී වර්ධනය වී තිබේ.

ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් ලබා දී ඇති දායකත්වය අනුව කෘෂිකාර්මික කටයුතුවලදී වයඹ පළාත තවදුරටත් ඉහළම දායකත්වය ලබා දී ඇති අතර එහි අගය 19.6%කි. දකුණු පළාත 13.5%ක් ද මධ්‍යඹ 12.4%ක් වශයෙන් පළාත් පිළිවෙළින් දෙවන සහ තුන්වන ඉහළම දායකත්වය ලබා දී ඇති බව සඳහන් වේ.

තවද, 2023 වසරේදී කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත දක්වා ඇති අතර එහි අගය 48.7%කි. ඒ සඳහා සමස්ත කර්මාන්ත නිමැවුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දායක වී ඇති අතර එමෙන්ම වයඹ 12.3%ක් සහ මධ්‍යම 9.3%ක් ලෙස පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊලඟ ඉහළම දායකත්වය වාර්තා කර ඇත.

සේවා අංශයේ ක්‍රියාකාරිත්වය අනුව ද බස්නාහිර පළාත ඉදිරියෙන් පසුවන අතර එහි අගය 45.9%කි.

මධ්‍යම පළාත 10.4%ක දායකත්වයක් ලබා දී ඇති අතර දකුණු පළාත 9.9%ක දායකත්වයක් ලබා දී දෙවැනි තැන ගනී.මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය  රුපියල් බිලියන 27,630ක් බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan