පියදාස ඇමෙරිකානු නමක් කරන ටාෂියා සහ ටියානා පහළොවෙන් පහළ සූරතා අනු සූරතා බෙදා ගනිති

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 22 ,(LNW)කොළඹ :

තිළිණ පියදාසලා අපට මඟ හැරෙනවා.ඇත්තටම මඟ හැරෙනවා කියන වචනය ඒකට ගැලපෙන්නෙ නැහැ.ඒකෙන් අහම්භයෙන් වෙච්චි දෙයක් වගෙ හැඟීමක් මතු වෙන නිසා.ඒ නිසා වැඩි පිළිවෙළක් නැතිකම,උවමනාවක් නැතිකම,පත්වෙන නිලධාරි තනතුරුවලින් බැබලෙන මිස තනතුරු බබලවන අය නොවීම කියන කාරණා ටික ගත්තොත් තිළිණ පියදාසලා කියන්නෙ මේ රට විසින් මඟ හරින ලද හෝ අතහරින ලද සම්පත්.
එහෙත් තිළිණ වගේම මේස පන්දු ක්‍රිඩිකාවක වන රිෆ්කා කාමිල් ද අද ඉන්නෙ ඇමෙරිකාවෙ.ඔවුන්ව අපට මඟ හැරුණ හෝ මඟ හැරපු ලෙස හෝ තිළිණලගෙ දුවලා දෙන්නව ඇමෙරිකාව මඟ හැර යන්නේ නැහැ.අනාගත බලාපොරොත්තු සහිත ඇමෙරිකානු මේස පන්දු සංචිතයෙ රැකවරණය ලැබෙන ටාෂියා සහ ටියානා දූවරුන් දෙදෙන අද කණිෂ්ඨ මට්ටමෙන් ලෝකය දන්න දක්ෂ පුංචි ක්‍රීඩිකාවන් දෙදෙනෙක්.


විවිධ දක්ෂතා සමඟ ඇමෙරිකාවේ මෙන්ම ඇමෙරිකාව වෙනුවෙන් ලෝකය නියෝජනය කරමින් ද,ජයග්‍රහණ සමඟ අවධානයට පත්ව සිටින පියදාස දූවරුන් දෙදෙනා දෙස මේ මොහොතේ ඇමෙරිකාව තවත් කතාබහකට යොමු වෙනවා.ඒ ඇමෙරිකානුවන් ලෙස ඔවුන් පිළිගනිමින් සහ ඔවුන්ව රැක ගැනීමේ වටිනාකම ද තහවුරු කරමින්.ලාස් වේගාස් හී පැවති මෙවර එක්සත් ජනපද විවෘත මේස පන්දු සූරතාවලියේ දී අවුරුදු 15 න් පහළ සූරිය මෙන්ම අනු සූරිය වෙන්නේ ද ටාෂියා සහ ටියානා යි.අවසන් තරගයේදී ටාෂියා විසින් ලකුණු 11 – 8,11-7 සහ 11-9 ක් ලෙස ටියානාව පරාජයට පත් කරනවා.


මේක ඇත්තටම ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ට සහ මේස පන්දු බලධාරීන්ට තමන්ගෙ සුබ පැතුම් එක් කරන්න මොහොතක්.ඒක සමහර විට පව් සමාකරවා ගැනීමේ හැඟීමක් වගෙ වෙන්න ඉඩ තියෙන නිසා එච්චර අවංකව පශ්තාප වෙමින් ඔවුන්ට සුබ පතන එකක් නැහැ.වසර ගණනක් ජාතික සූරයාව සිටි තිළිණ,තරග වඳිනවා දිනනවා විනා රටක සූරයෙකුට වීරත්වයෙන් දෙන පිළිගැනීමට උරුමකම් කීවේ නැහැ.ඒ නිසාම නොසළකා හැර,නොතකා හැර තිබුණු ජීවිතය ලංකාවේ පුංදි ඉඩට වඩා හැකියාවට ගරු කරන,නිසි අගය දෙන රටක් වෙනුවෙන් එකතු කරන්න තිළිණ තීරණය කරනවා.


තිළිණගේ ඒ තීරණය නිසා තමයි අද ඇමෙරිකානුවන් විදිහට සමස්ත ඇමෙරිකාවේම ගෞරවයට පාත්‍ර වන,ලංකාවෙ නමක් හැටියට කියවෙන පියදාසකම ගැන ඇමෙරිකාව කතා වෙන්නෙ. පියදාස ඇමෙරිකානු නමක් කරපු ටාෂියා සහ ටියානා කියන්නෙ තවත් නම් ලංකාවට අහිමි කරගන්න එපා.දක්ෂතාවල නෙමෙයි අවුල තියෙන්නෙ පොළවෙ වැඩ සිද්ධවෙන හැඩයෙ කියන කතාව.අපි 2024 ඇමෙරිකාවේ අවුරුදු 15 න් පහළ කාන්තා සූරිය වූ ටාෂියාටත්,අනු සූරිය වූ ටියානාත් ගෞරව පෙරදැරිව සුබ පතන්නෙමු.!


ටාෂියා අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ තෙවැන්නිය වූ සේම ටියාන් අවුරුදු 13 න් පහළ කාන්තා යුගල අංශයේ අනු සූරතාවයද ඇන්ජෙලා හී සමඟ එක්ව දිනා ගත්තා.මේ ලංකාවට ටාෂියා සහ ටියානා ගැන පමණක් කතා කරන්න වෙලාවක් නොව තිළිණලාගේ පවුල ගැන හිතන්න සහ ඉගෙන ගන්න මොහොතක් නිසා පවුලෙ හතර දෙනාම ඉන්න පිංතූරයක් පළ කරන්නට තීරණය කළා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...