MOP පොහොර ගැන රජයෙන් නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ (LNW):

මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම පොහොර තොගය රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද ඒවා වේ.

පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණු අතර, ඒ අනුව ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී ඇති බව පැවසේ.

එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බව, ඒ අනුව අනාවරණය වී ඇත.යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් එහි සඳහන් වේ. 

ඒ සම්බන්ධව පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා මහත්මිය විසින් ලබා දී ඇති වාර්තාව අනුව මෙය තහවුරු කළ තොරතුරු මත පදනම් වන බවත් අමාත්‍යංශය පැවසුවේය.මේ හේතුවෙන් එම පොහොර අනියත බියකින් තොරව භාවිත කළ හැකි බවත් අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...