පැනමා ඇළේ පාලනය තමන්ට අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරයට සම්බන්ධ කරන ලොව කාර්යබහුලම ජල මාර්ගයක් වන පැනමා ඇළේ පාලනය නැවත වොෂින්ටනය වෙත අවශ්‍ය බවට එකසත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

එක්සත් ජනපද නැව් සඳහා පැනමාව අධික ගාස්තු අය කරන බවට සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, අපේ නාවික හමුදාවට සහ වාණිජ අංශයට ඉතා අසාධාරණ ලෙස පැනමාව බදු අයකරන බවත්, එය ඉතා හාස්‍ය ජනක වන බවත්, අපේ රට මේ සම්පූර්ණ ‘කොල්ලය’ වහාම නතර කළ යුතු බවත්ය.

1914දි එක්සත් ජනපදය විසින් ඇළ ඉදිකරන ලද අතර දශක ගණනාවක් තිස්සේ වොෂින්ටනය එය පාලනය කර අවසානයේ 1999 දී ඒකාබද්ධ පරිපාලන කාලයකින් පසුව ඇළේ පාලනය සම්පූර්ණයෙන්ම පැනමාවට පැවරීය.

කෙසේ නමුත් මේ වන විට අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරයට සම්බන්ධ කරන ඇළ වටා චීනයේ වැඩෙන බලපෑම හේතුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, පැනමා ඇළ හුදෙක් සහයෝගීතාවයේ සංකේතයක් ලෙස පැනමාවට ලබා දුන් බවත්, පැනමාව නෛතික මූලධර්ම අනුගමනය නොකරන්නේ නම්, පැනමා ඇළ සම්පූර්ණයෙන්ම සහ ප්‍රශ්න කිරීමකින් තොරව අප වෙත ආපසු ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටින බවත්ය.

පැනමා බලධාරීන් මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර ගෝලීය සමුද්‍ර ගමනාගමනයෙන් සියයට 5 ක් පැනමා ඇළ හරහා ගමන් කරන බව ඇස්තමේන්තු කර ඇති අතර, එමඟින් ආසියාව සහ එක්සත් ජනපද නැගෙනහිර වෙරළ තීරය අතර ගමන් කරන නැව්වලට දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර වටා ඇති දිගු, අන්තරායකර මාර්ගය මඟහරවා ගත හැකිය.

පැනමා ඇල අධිකාරිය ඔක්තෝම්බර් මාසයේදී වාර්තා කළේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ ජල මාර්ගය ඩොලර් බිලියන 5 කට ආසන්න වාර්තාගත ආදායමක් උපයා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...