මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ ආකර්ෂණයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ (LNW):

2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  සඳහන් කරයි. ඒ අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් අත්කරගනිමින් සිටී.

දේශපාලන ස්ථාවරත්වය, ආර්ථිකය ශක්තිමත් වීම මෙන්ම,  ආරක්ෂිත රටක් ලෙස පවතින පිළිගැනීම ඉහළ යාම මෙම වර්ධනයට හේතුවී ඇති අතර, ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ ගෝලීය සැපයුම් කේන්ද්‍රස්ථානයක්  මෙන්ම දූපතක් වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ෂණයක් දිනා ගැනීමට හැකිවී ඇත.

GALLE, SRI LANKA – DECEMBER 3, 2016: The rampart walk is the popular tourist attraction, people enjoy the seascape and city landmarks, on December 3 in Galle.

සංචාරක වාර්තා තහවුරු කරන්නේ, 2024 මේ දක්වා කාලය තුළ සංචාරකයින් දහ නව ලක්ෂ එක්දහස් නවසිය අසූඅට දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.  එම සංඛ්‍යාව තුන්ලක්ෂ අසූතුන්දහස් දෙසිය හැට හත ඉක්මවා ඇත.

දෙවනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහස් හාරසිය දාහතරක් වේ.

එක්සත් රාජධානියෙන්ද එක්ලක්ෂ හැටහය දහස් නවසිය අනූනව දෙනෙකුට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර, මෙම වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ අසූහතර දහස් එකසිය පනස් අටක් වේ.

දෙසැම්බර් පළමුවනදා සිට 15 වනදා දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව අනූහත් දහස් එකසිය පහළවක් වන අතර, සංචාරකයින් මෙරටට පැමිණීම ක්‍රමිකව ඉහළ ගොස් ඇති බවට වාර්තා තහවුරු කරයි. සංචාරකයින් මෙරටට පැමිණීම ලක්ෂ 40 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් රජය ද විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...