සටහන – පුලී
දෙසැම්බර් 22, කොළඹ (LNW): Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා ඩැරන් ස්ටාර් විසින් නිර්මාණය කරන ලද ආදරය සමඟ හාස්‍ය මුසු වුණු ඇමරිකානු නාට්‍ය රූපවාහිනී කතා මාලාවකි.
මෙම කතා මාලාවේ ලිලී කොලින්ස් අලෙවිකරණ විධායක නිලධාරිනියක වන එමිලි කූපර් ලෙස සිය රංඟනයෙන් දායක වන අතර ඇය ප්‍රංශ අලෙවිකරණ සමාගමකට ඇමරිකානු දෘෂ්ටිකෝණයක් ලබා දීම සඳහා පැරිසියට යන ඇමරිකානුවෙක් ද විය.

මෙහි නවතම කතාංගය දෙසැම්බර් 18 වන දින නිකුත් කළ අතර එතුළ එක් තැනක ශ්‍රී ලංකාවද අවධානයට යොමු වී තිබීම කාගේත් කතාබහට නතු විය.
“La Belle Époque” ලෙස නම් කර ඇති නව 5 වන වාරයේ, 9 වන කථාංගයේ, ගේබ්‍රියෙල් චරිතය එමිලිට පවසන්නේ, “ශ්‍රී ලංකාව හරිම ලස්සනයි. මම මීට පෙර කවදාවත් දැක නැති දෙයක් වගේ (“Sri Lanka was so beautiful. Like nothing I’ve ever seen before)” යනුවෙනි.


මෙම සඳහන සිදුවන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ඇම්ස්ටර්ඩෑම් යන රටවල සංචාරයක් සඳහා ගොස් ආපසු පැමිණි ගේබ්‍රියෙල් සහ එමිලි, ලෙ ට්‍රේන් බ්ලූ අවන්හලේ රාත්‍රී ආහාරය සඳහා නැවත එක්වන අවස්ථාවේදී ය.


Images : Internet