ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා රුපියල් බිලියන හයක් ලබා දී ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ වසරේ අපේක්ෂිත ලාභය ඉපැයූ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව , පසුගිය සැප්තැම්බරයේදී රුපියල් බිලියන 5ක් මහා භාණ්ඩාගාරයට ලබා දුන් බව පැවසේ.

පසුව අද (22) දින , තවත් රුපියල් බිලියනයක මුදලක් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙන බව වාර්තා වේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ , ඒ අනුව මේ වසරේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල රුපියල් බිලියන හයක් බවයි.