උද්ධමනයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

පසුගිය නොවැම්බර් මාසයේදී, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය සියයට 2.4ක් දක්වා අඩු වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2. 7ක් ලෙස වාර්තා විය.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයට සාපේක්‍ෂව සියයට 0.3කින් අඩු වී තිබෙන බව සඳහන් වේ.


ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 4යි දශම එකක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 3.6ක් දක්වා අඩු වී ඇති බවයි.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 1.5ක් ලෙස නොවෙනස්ව පැවති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...