වංචාව, දූෂණය දැන් අපේ රටේ බ්‍රෑන්ඩ් එක – ලාල් කාන්ත

ශ්‍රී ලංකාව යනු හොරකමින්, වංචාවෙන් සහ දූෂණයෙන් පිරුණු පාලනයක් සහිත රටක් බවත්, මෙය දැන් ශ්‍රී ලංකාවේ සන්නාමය (බ්‍රෑන්ඩ් එක) බවට පත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කළ කුණ්ඩසාලේ දිගන රජවැල්ල කොට්ඨාශ සභාව පිහිටුවීමේ ජන හමුව අමතමිනි.

“වංචාව , දූෂණය දැන් අපේ රටේ බ්‍රෑන්ඩ් එක වෙලා. මෙතෙක් රට කාපු එවුන් පැත්තකින් තියලා හරි තමන්ගේ හරිහමන් පාලනයක් හදාගන්න ජනතාවට අවස්ථාව දෙන්න. අද වෙනකොට මුළු රටම කඩාගෙන වැටිලා. ලංකාව කියන්නේ හොරකමින් වංචාවෙන් දූෂණයෙන් පිරුණු පාලනයක් සහිත රටක් . දැන් මේක තමා රටේ බ්‍රෑන්ඩ් එක . ලෝකෙ දුප්පත් රටවල් අතර දෙවනියට අපේ රට ලංකාව. බදු ප්‍රතිපත්ති විටින් විට එහාට මෙහාට වන දේශපාලන අස්ථාවරයයන්, ආයජකයන් සියල්ල පිළිබඳ ඇත්තේ කණගාටුවක්”

ලෙස ඔහු පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...