ඇෆ්ගනිස්ථානය කාන්තාවන් සඳහා රටක් නොව කාන්තාවන් සඳහා කූඩුවක් පමණි; විශ්වවිද්‍යාල තහනමට එරෙහිව විරෝධතා

Date:

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථාය නැවතත් තලෙයිබාන් පාලනයට යටත් වීමත් සමඟ ඔවුන්ගේ අමනෝඥ නීතිවල අඳුරු සෙවනැලි ඇෆ්ගන් දේශය පුරාම දක්නට ලැබිණි.


තලෙයිබාන්වරු රටතුළ කාන්තාවන් භුක්ති විඳි සීමාසහිත අයිතීන් පවා අතිශය කෲර ලෙස මර්දනය කරන්නට විය. නොවැම්බර් මාසයේදී කාබුල්හි කාන්තාවන්ට උද්‍යාන සහ ව්‍යායාම මධ්‍යස්ථාන වැනි පොදු ස්ථානවලට ඇතුළුවීම පවා නවතා දමන ලදී.

මේ වන විට ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කර ඇත. තලෙයිබාන් සටන්කරුවන් විසින් ඊයේ(21) දිනයේදී පැමිණි විශ්වවිද්‍යාල සිසුවියන් බිය ගන්වා හරවා යවා ඇති බව වාර්තා වේ. මෝවුන් විසින් පසුගිය මාස 16 තුළ බොහෝ ද්විතීයික පාසල්වලින් ගැහැණු ළමයින් ඉවත් කිරීමෙන් පසුව, තලේබාන්වරු මේ සතියේ කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කරන ලදි.

මේත් සමඟ BBC වාර්තා කර තිබුණේ උතුරේ ටකාර්, ගිනිකොන දෙසින් ඝස්නි සහ කාබුල් අගනුවර යන පළාත් තුනක ඉස්ලාමීය ආගමික පාසල් සහ පෞද්ගලික උපකාරක විද්‍යාල ඇතුළු අනෙකුත් ඉගෙනුම් ස්ථාන වසා දමා ඇති බවයි.
තලෙයිබාන් සංවිධානයේ නායකයා Hibatullah Akhundzada නවීන අධ්‍යාපනය හා ගැහැණු දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් විරුද්ධ දැඩිමතදාරියෙකි.

එහෙත් මීට මාස තුනකට පෙර තලේබාන්වරු විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග ඉදිරියට යාමට ඉඩ දීමට එකඟ වූහ. ඉන් අනතරුව රටපුරා ගැහැණු දරුවන් දස දහස් ගණනක් පරීක්ෂණ වලට පෙනී සිටින්නට වූ අතර ඒ අනුව ‌බොහෝ දෙනා රහසිගතව ඉගෙනගෙන ඇත. තලෙයිබානන්වරු දිගින් දිගටම කාන්තාවන් සඳහා ආර්ථික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ පුවත්පත් කලාව වැනි පාඨමාලා තහනම් කරන ලදි. නමුත් බොහෝ කාන්තාවන් පිරිසක් ඉගැන්වීම් හා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ඉල්ලුම්කර තිබුණි.

නිවසේ හෝ ගැහැණු ළමයින් සඳහා පිහිටුවා ඇති සැඟවුණු උපකාරක විද්‍යාලවලට යාමට අවදානමක් ඇති අතර සමහර විභාග අතරතුර බෝම්බකරුවන් පාසල් ඉලක්ක කර සිසුන් මරා දැමනු ලැබීය.

මේ වන විට රට තුළ කාන්තාවන් සඳහා විධිමත් අධ්‍යාපනයේ සියලු මාර්ග වසා දමා ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබුණේ කිසිම රටකට එහි ජනගහනයෙන් අඩක් රඳවා තබා ගත් විට දියුණු විය නොහැකි බවයි. කාන්තා අධ්‍යාපනය සීමා කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස මර්දනය කිරීම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ඇෆ්ගනිස්ථානයට එරෙහිව සම්බාධක පනවා ඇත. ඔවුන්ට ලබා දෙන ආධාර කැටිකර ඇත. මේ වන විට ඇෆ්ගනිස්ථානය අතිශයින්ම දුගී බවට පත් වෙමින් යන රටකි.

මීට විරෝධය පලකරමින් සමහර කාන්තාවන් කාබුල්හි වීදිවල විරෝධතා දක්වනු ලැබීය. ඔවුන් පවත්වනු ලැබූ කුඩා පෙළපාලී ඉතා ඉක්මනින් අවසන් කිරීමට තලේබාන්වරු සමත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගන් කාන්තාවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මගේ අනාගතය වෙනස් කිරීමට හෝ මගේ ජීවිතයට ආලෝකය ගෙන ඒමට තිබූ එකම ක්‍රමය තලෙයිබාන්වරු විසින් විනාශ කර දැමූ බවයි. එමෙන්ම නීති ශිෂ්‍යාවක් ප්‍රකාශ කර තිබුණේ ඉස්ලාමය සහ අල්ලාහ් අපට ලබා දී ඇති අයිතිය තලේබාන්වරුන් විසින් ලබාගෙන ඇති බවයි. එමෙන්ම තලෙයිබාන්වරුගේ ෂරියා නීතිය ගැහැණුන්ට පමණක් බලපාන බවත් පිරිමින්ට එය අදාළ නොවන බවත් ඇය දිගින් දිගටම තර්ක කරන්නට විය. එක්සත් ජනපදයේ වෙසෙන් ස්ලාමීය ක්‍රියාකාරිනියක් වන Humaira Qaderi ඇෆ්ගන් කාන්තාවන් සඳහා සමාජ ජීවිතයක් ඉතිරි වී නැති බවත්, ඇෆ්ගනිස්ථානය කාන්තාවන් සඳහා රටක් නොව කාන්තාවන් සඳහා කූඩුවක් බවත් ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...