*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දිනේෂ්, ධම්මික නැවැත්වූ තැනින් පටන් ගන්න !

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබිණි. රටේ ආර්ථිකය අතිශයින්ම බැරෑරුම් අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් අවස්ථාවක මේ තනතුර දැවැන්ත වගකීමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මීට මාස කිහිපයකට පෙර ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්වුණි. රටේ පැවති දේශපාලන වාතාවරණය අනුව ඒ මහතාට එම තනතුරෙහි වැඩ කිරීමට ලැබුණේ දින 10ක් පමණි. එහෙත් ඒ දින 10 තුළ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළව සුවිශේෂී කාර්යභාරයක් කළේය. ඒ, ආයෝජන මණ්ඩලය යටතේ ව්‍යාපෘති සඳහා පැය 24ක් තුළ අනුමැතිය ලබාදීමට ක්‍රමවේදයක් නැවත ස්ථාපනය කරමිනි.

ඇත්තෙන්ම මෙරට ආයෝජකයින්ට ප්‍රධානතම ප්‍රශ්නයක් වී ඇත්තේ ආයෝජන අවස්ථාවන්ට වුවමනාවෙන්ම වැට බඳිමින් ඒවා ප්‍රමාද කරවන නිලධාරීවාදී යාන්ත්‍රණයයි. ඒ නිලධාරීවාදී යාන්ත්‍රණය තුළ ව්‍යාපාරිකයින් අතරමං නොකොට ඔවුන්ට එක් දිනක් තුළ සිය ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීමේ අවස්ථාව ධම්මික පෙරේරා මහතා ලබාදුන්නේය.

2002 වසරේදී සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලේ සභාපතිවරයා වශයෙන් සිටියදී එහි ගෙවීම් සඳහා පැය 24න් අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ දිනේෂ් වීරක්කොඩි මහතා විසිනි. ඇත්තෙන්ම එය වැඩකරන ජනතාවට ලැබුණු විශාල සහනයක් විය.

රාජ්‍ය ආයතන ගැන කතා කරනවිට, ඒවා ගොඩනැංවිය යුතු ආකාරය ගැන සංකල්පවල සිට සුරංගනා කතා දක්වා බොහෝ දෑ ඉදිරිපත් කිරීමට මේ රටේ විවිධ තලවල උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, ව්‍යාපාරිකයින්, ආචාර්ය මහාචාර්යවරුන් හිඟ නැත. එහෙත් ප්‍රායෝගික තලයෙහි පිහිටා වැඩක් කිරීමට හැකියාව ඇති අය අපට සිටින්නේ ඉතාම සුළුතරයකි.

ධම්මික පෙරේරා මහතා එවන් ප්‍රායෝගික මිනිසුන් අතර ඉදිරියෙන්ම සිටින බව තමන් විසින්ම ඔප්පු කළ අයෙකි. ඔහු දේශපාලනයට එකතුවුණේ කිසිසේත්ම එයින් මුදල් හම්බකිරීමට නොවේ. දේශපාලනයෙන් මුදල් සෙවීමේ වුවමනාවක් ධම්මික පෙරේරාට ඇත්තේ ද නැත. ඔහු, තමන්ට එරෙහිව කොතරම් විවේචන එල්ල කෙරුණත් ඒවායින් සැලුනේ ද නැත. ඔහු, තමන්ට පැවරුණු වැඩකොටස ඉතාමත්ම ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව ඉටු කළේය.

දිනේෂ් වීරක්කොඩි යනු එවැනිම ප්‍රායෝගිකත්වයෙන් යුතු අයෙකි. ඔහුත් මේ වගකීම් භාරගන්නේ මේවායින් මුදල් සෙවීමට නොවේ. ඔහුට කිසිසේත්ම එවැනි වුවමනාවක් ද නැත. දිනේෂ් වීරක්කොඩි යනු මෙරට ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන කමර්ෂල් බැංකුවේත් හැටන් නැෂනල් බැංකුවේත් හිටපු සභාපතිවරයෙකි. තවත් ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. එමෙන්ම ඔහුට එරෙහිව කිසිදු දූෂණ චෝදනාවක් ද නැත. ඔහුට එවන් දූෂිත ක්‍රියාවල නියැළීමට කිසිදු අවශ්‍යතාවයක් ද නැත. දිනේෂ් වීරක්කොඩි යනු රට වෙනුවෙන් වැඩක් කළ හැකි, ජාත්‍යන්තර පිළිගැනීමක් ද සහිත අත්දැකීම් සපිරි පුද්ගලයෙකි. කොළඹ වරාය නගරයේ ආයෝජන සඳහා සෞදි අරාබියේ අජ්ලන් ඇන්ඩ් බ්‍රදර්ස් සමූහය ගෙන්වා ගැනීමට ද ඔහු පසුගිය සමයේ මැදිහත් විය.

අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව මේ මොහොතේ පවතින්නේ ඉතිහාසයේ නොවූ විරූ අභි‍යෝගයකට මුහුණ දෙමිනි. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා යන ගමනේදී ආයෝජන මණ්ඩලයේ කාර්යභාරය අතිශයින්ම තීරණාත්මක ය. දිනේෂ් වීරක්කොඩි යනු එවන් තීරණාත්මක වගකීමක් පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිටින අතිශය විශ්වාසවන්තයින් අතරින් එක් අයෙකි.

එහෙයින් නව වගකීම මනාව ඉටුකරමින් රටේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට අපි දිනේෂ් වීරක්කොඩි මහතාට ඉත සිතින්ම සුබ පතන්නෙමු. දිනේෂ් වීරක්කොඩි මහතාණෙනි, ධම්මික පෙරේරා පටන් ගත් හොඳ වැඩ එතැනින් ඉදිරියට ගෙන යමින් ඉහළම සාර්ථකත්වයක් රටට ලබාදීමට ඔබට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan