පරිපූර්ණ ඩයිනෝසෝර කළලයක් හමු වේ

Date:

කුකුළු බිත්තරයක හැඩති ආකෘතියෙන් යුත් පරිපූර්ණ ලෙස සංරක්ෂණය වී ඇති ඩයිනෝසෝර කළලයක් සොයා ගත් බව චීන විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කර තිබේ.

දකුණු චීනයේ Ganzhou ප්‍රදේශයෙන් මෙම කළලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් විසින් එය අවම වශයෙන් වසර මිලියන 66ක් පැරණි බව ගණන් බලා ඇත.

එය දත් රහිත theropod ඩයිනොසෝරයෙකු හෝ oviraptorosaur ලෙස විශ්වාස කෙරෙන අතර මෙම මුල කලලය නම් කර ඇත්තේ Baby Yingliang ලෙසිනි.

කණ්ඩායමේ පර්යේෂක ආචාර්ය Fion Waisum පැවසුවේ එය “ඉතිහාසයේ මෙතෙක් හමු වූ හොඳම ඩයිනෝසෝර කළලය” බවයි.

Oviraptorosaurs, යනු වසර මිලියන 100 සිට මිලියන 66 දක්වා කාලයකට පෙර ක්‍රිටේසියස් යුගයේ අවසාන කාලයේ ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ ජීවත් වූ පිහාටු සහිත ඩයිනෝසෝරයන්ය.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාෂාණ විද්‍යාඥ මහාචාර්ය Steve Brusatte ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එය තමා මෙතෙක් දැක ඇති “අතිවිශිෂ්ට ඩයිනෝසෝර පොසිල වලින් එකක්” බවත්, කළලරූපය මගින් පැටවුන් බිහිවීමේ ආසන්න මෙහොතේ එම සත්ත්වයා සිටින්නට ඇති බවත්ය.

ඩයිනෝසෝරයා ගේ සිරුරේ කොටසක් තවමත් පාෂාණවලින් වැසී ඇති අතර පර්යේෂකයන් එහි සම්පූර්ණ ඇටසැකිල්ලේ රූපයක් නිර්මාණය කිරීමට දියුණු scanning ශිල්පීය ක්‍රම ඉදිරියේ භාවිතා කරනු ඇත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...