හෙරොයින් මත්ද්‍රව්‍ය සමග හසුවූ සජබ සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Date:

මත්ද්‍රව්‍ය වැටළීමක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග හසුවූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු වන අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් කටයුතු කර ඇති අතර අද (22) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එම තීරණය ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන බවයි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

අමිත් බණ්ඩාර තම මිතුරන් පිරිසක් සමග කෑගල්ලේ සිට කුරුණෑගලට යමින් සිටියදී රඹුක්කන ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් ගමන් කරමින් සිටි සුඛෝපභෝගී ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...