චෙක් ජනරජයේ වෙඩි තැබීමකින් 14 දෙනෙකු මරුට

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චෙක් ජනරජයේ ප්‍රාග්හි චාල්ස් විශ්ව විද්‍යාලයේ තුවක්කුකරුවකු විසින් කරන ලද වෙඩි තැබීමකදී අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

චෙක් ජනරජයේ දශක ගණනාවකට පසු සිදු වූ මාරාන්තික සමූහ වෙඩි තැබීම මෙය බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ,

තුවක්කුකරු 24 හැවිරිදි පුද්ගලයෙකු බවත්,ඔහුට තුවක්කු බලපත්‍රයක ඇති බවත්, හෙතෙම සියදිවි නසාගැනීමෙන් මිය ගිය බවත් පොලිසිය විසින් ප්‍රකාශ කර ඇති මුත්, එය තහවුරු කර නොමැත.

විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ කාලසටහනකට අනුව, විශ්ව විද්‍යාලය බ්‍රහස්පතින්දා පන්ති පවත්වමින් සිටි අතර දෙසැම්බර් 23 නත්තල් නිවාඩුවට යාමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් චෙක් ජනාධිපති Petr Pavel ප්‍රකාශ කර තිබුණේ, මෙම සංහාරය චෙක් ජනරජයේ ඉතිහාසයේ වඩාත්ම ඛේදනීය සිදුවීම වන බවත්, මියගිය අය වෙනුවෙන් චෙක් ජනරජය සෙනසුරාදා(23) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...