අද සිට විශේෂ ප්‍රවාහන සේවයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (22) සිට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා පැවසූවේ, නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටවයන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බවයි.

එසේම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ. ඉදිපොලගේ මහතා කියා සිටී.

තවද, අද සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි, කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අද සිට විශේෂ කාලසටහනකට අනුව සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...