ඇඟලුම් අපනයනයේ පසුබෑමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන ඇඟලුම් සහ රෙදිපිළි කර්මාන්තය, රටේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, බටහිර ප්‍රධාන වෙළෙඳපොළවල ආර්ථික පසුබෑම හේතුවෙන් මේ වන විට පසුබෑමකට ලක්ව ඇති බව ඇඟලුම් කර්මාන්තකරුවන් පවසයි.

පසුගිය කොවිඩ් 19 සහ ආර්ථික අර්බුදකාරී කාලවකවාණුවේ පවා ඔරොත්තු දෙන ඇඟලුම් කර්මාන්තය යුරෝපීය රටවල මිලදී ගැනීමේ ඇණවුම්වල විශාල පාඩුවක් හේතුවෙන්, දැවැන්ත සටනකට මැදිව සිටින බව ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම පසුගිය වසරේ (2022) ඩොලර් මිලියන 5,952 සිට මේ වසරේ (2023) මුල් මාස 10 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 4,042.8 දක්වා පහත වැටී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, සැප්තැම්බර් (ඇමරිකානු ඩොලර් මිලියන 333.18) සහ ඔක්තෝබර් (ඇමරිකානු ඩොලර් මිලියන 330.95) අපනයන සංඛ්‍යා සමඟ සැසඳීමේ දී, ඇඟලුම් අංශය නොවැම්බර් මාසයේ දී අපනයන ඉපැයීම් ඉහළයාමක් පෙන්නුම් කළ නමුත් සමස්තයක් ලෙස ගෙන හැර බැලූ විට එය එතරම් ඉහළ යාමක් නොවේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් පෙන්වා දෙන ලද තාවකාලික දත්ත වලට අනුව, එක්සත් රාජධානිය වෙත අපනයන පමණක් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන අතර එම ඉපැයීම් වසරින් වසර සියයට 19.7 කින් වෙනස් වන අතර, එහි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 48.34 ක් බව සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...