අපේ කුළු බඩු වල රස හබා ආ චීන කුළුබඩු ආනයනකරුවෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා බව තොරතුරු සඳහන් වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව මෙම නියෝජිත පිරිස සාකච්ඡා කරන බවයි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ, එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගන්නා සමාගම් වන අතර, ඊට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලාංකික කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

50 දෙනකුගෙන් සමන්විත එම චීන නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළු බඩු ලෙස නම් කළ හැකි බවයි.

ලාංකික කුළු බඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහල දැමීමට පියවර ගත යුතු අතර අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බව චීන නියෝජිතයින් මෙහිදී සඳහන් කර ඇත.

එම චීන නියෝජිතයෝ බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල ද නිරීක්ෂණය කළ බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : නාවික හමුදා භාරයට...

පිරිමි පැරා ත්‍රෝ බෝල් ජාතික කණ්ඩායමට තේරෙන්න නවවන දා රත්නපුරයට එන්න.

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: ළමු දකුණු ආසියානු පැරා ත්‍රෝබෝල්...

පොලිසියේ වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන්...