අපේ කුළු බඩු වල රස හබා ආ චීන කුළුබඩු ආනයනකරුවෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා බව තොරතුරු සඳහන් වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව මෙම නියෝජිත පිරිස සාකච්ඡා කරන බවයි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ, එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගන්නා සමාගම් වන අතර, ඊට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලාංකික කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

50 දෙනකුගෙන් සමන්විත එම චීන නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළු බඩු ලෙස නම් කළ හැකි බවයි.

ලාංකික කුළු බඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහල දැමීමට පියවර ගත යුතු අතර අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බව චීන නියෝජිතයින් මෙහිදී සඳහන් කර ඇත.

එම චීන නියෝජිතයෝ බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල ද නිරීක්ෂණය කළ බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...