ඉම්රාන් ඛාන්ට ඇප

Date:

පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි හිටපු සභාපති ඉම්රාන් ඛාන් සහ උප සභාපති ෂා මහමුද් කුරේෂි වෙනුවෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත රාජ්‍ය ලේඛන හෙළිදරවු කිරීම හා සම්බන්ධව පන නැගුනු චෝදනා මත සිරගතකර සිටි හිටපු අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජ්‍ය පක්ෂ නායක ෂා මහමුද් කුරේෂිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පකිස්ථාන රුපියල් මිලියනයක (ඩොලර් 3,600) බැගින් වූ ඇප බැඳුම්කරවලට යටත්ව මෙලෙස ඇප ලබා දී තිබේ.

ඛාන් රටේ ජනප්‍රියම නායකයා ලෙස බොහෝ දෙනා විශ්වාස කරන අතර සිකුරාදා ඇප ලබා දී තිබියදීත්, ඛාන් දූෂණ චෝදනාව හේතුවෙන් පෙබරවාරි 8 ට නියමිත ජාතික මැතිවරණයට තරඟ කිරීමට නුසුදුස්සෙකු වන අතර එය බ්‍රහස්පතින්දා අත්හිටුවීමට මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එනමුත්, ඔහු තවමත් ඉරිදා දිනට පෙර සිය නාමයෝජනා පත්‍ර ගොනු කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහුගේ පක්ෂය පවසයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...