වැරදි තීන්දුවක් හේතුවෙන් වසර 48ක් සිර බත් කෑ අයෙකු නිදහස්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකාවේ ඕකහෝමා ප්‍රාන්තයේ විනිසුරුවරයකු විසින් සිදු කරනු ලැබූ වැරදි තීන්දුවක් හේතුවෙන් වසර 48ක් බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකු පසුගියදා නිදොස් කොට නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු සිරගත වී තිබුණේ, මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට වරදකරු කරමිනි.

ඕකහෝමා බන්ධනාගාරයේ සිය තරුණ කාලය මුළුමනින්ම ගෙවා දැමූ ග්ලයින් සිමන්ස් නමැති එම පුද්ගලයා මේ වනවිට 70 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහු නිර්දෝෂි බව පසුගියදා ඕකහෝමා අධිකරණයේ විනිසුරුවරයා තීන්දු කර තිබේ.

1974 වසරේදී ඕකහෝමා නුවර මත්පැන් ගබඩාවක සිදුවූ මංකොල්ලයක් අතරතුර ඔහු විසින් කැරොලින් රොජර්ස් නමැති කාන්තාවක් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි. එවකට 22 හැවිරිදි වියෙහි පසු වූ සිමන්ස් සහ ඔහුගේ මිතුරකු වන ඩොන් රොබට්ස්ට මරණ දඬුවම නියම වූ අතර, පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි.

සිමන්ස් මේ වන විට අක්මා පිළිකාවෙන් පෙළෙන රෝගියකු බව ද වාර්තා වේ.

විශේෂ සමාවක් ලබා 2008 වසරේදී ඩොන් රොබට්ස් නිදහස ලැබුව ද, සිමන්ස්ගේ සිර දඬුවම තවදුරටත් ක්‍රියාත්මක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...