රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් ගැලවෙයි!

Date:

කොළඹ LNW:රට නිල වශයෙන් බංකොලොත් භාවයෙන් මිදී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය නිල X ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

බංකොලොත් භාවයෙන් නිදහස් වීමේ ගමන, ඉතා වේදනාකරී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඉතා සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් යුතු වූ දුෂ්කර ගමනක් වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරන්නේ. එමෙන්ම නැවත යතාර්ථවාදී නොවන ප්‍රතිපත්ති කරා යෑමේ කිසිදු ඉඩක් නැති බවද ඔහු අවධාරණය කරයි.

පැහැර හරින ලද බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාව බැදුම්කර හිමියන්ගෙන් 98% ක් පිළිගෙන තිබුණු අතර ඒ මත පිහිටා රජය පසුගිය සිකුරාදා දිනයේ දී නව බැදුම්කර මුදා හැරීමට පියවර ගත්තේ ය. ඒ සමඟ ෆිච් රේටින්ග් ආයතනය ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමද ඉදිරියට පැමිණ තිබුණි.

ඒ අනුව ශ්‍රි ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතුව ශ්‍රේණිගත කිරීමRD මට්ටම එනම් ණය පැහැරහරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට CCC PLUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවධානම් තත්ත්වය අඩු මට්ටම දක්වා පැමිණ තිබේ.

රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත් වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...