සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 23 ,(LNW)කොළඹ :
මාස්ටර් කාඩ් ජාතික රග්බි සූරතාවලියේ දී මහනුවර කණ්ඩායම යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 70 – 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට සමත් වුණා.තරගයේ පළමු අර්ධයේ ලකුණු 39 – 5 ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර දෙවන අර්ධයේදී තවත් ලකුණු 31 ක් එකතු කර ගන්නේ යුද හමුදා කණ්ඩායමට එකඳු ලකුණක් හෝ හිමි කර ගන්නට අවස්ථාව නොදෙමින්ය.
යුද හමුදාවට මෙහි දී හිමි වූ ලකුණු 5 ලබා දීමට සුදාරක දික්කුඹුර තරගයේ පළමු භාගයේ සමත්වන අතර මහනුවර සිය ලකුණු ප්රමාණය සඳහා උත්සාහක දිණුම් 9 ක් සහ එම උත්සාහක දිණුම් ප්රවර්ථන 8 ක් ද,නිදහස් පහර 3 ක් ද සාර්ථක කර ගන්නට සමත් වෙනවා.එයින් එක් උත්සාහක දිණුමක් සමග ප්රවර්ථන 8 ක් සහ නිදහස් පහර තුනක් නිසි ඉලක්කයට යොමු කරමින් මහනුවර කණ්ඩායමට ලකුණු 30 ක් ම එකතු කර දෙන්නේ තරින්ද රත්වත්තයි.ධනුෂ්ක රන්ජන් උත්සාහක දිණුම් දෙකක් මහනුවර වෙනුවෙන් එකතු කරන අතර නෙපුල් අතුකෝරළ,දහන් වික්රමාරච්චි,ඩිනාල් ඒකනායක,හේෂාන් ජෙන්සන්,කවිඳු පෙරේරා,මලිත විජේසුන්දර එක උත්සාහක දිණුම මඟින් ලබා ගන්නට සමත් වුණා.
ගුවන් හමුදා කණ්ඩායම සහ හැව්ලොක්ස් කණ්ඩායම අතර පැවති තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 30 – 19 ක ජයක් වාර්තා කරන්නට සමත් වූ අතර එම තරගයේ පළමු අර්ධය නිමාවෙද්දී හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 18 – 11 ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් වුණා.හැව්ලොක්ස් ලකුනු පූවරුව උත්සාහක දිනුම් පහකින්,එක් සාර්ථක ප්රවර්ථනයකින් සහ නිදහස් පහරකින් පෝෂණය වී තිබුණා.සැමුවෙල් මධුවන්ත උත්සාහක දිණුමක් සමඟ සාර්ථක වූ ප්රවර්ථනයේ ද,නිදහස් පහරේ ද හිමිකරුවා වුණා.මධුවන්තට අමතරව හැව්ලොක්ස් ඛ්න්ඩායම වෙනුවෙන් ෆායිස් අබ්දුල්ලා,ජයතු රාජරත්න,සංදේශ් ජයවික්රම සහ ඩිල්ෂාන් චතුරංග උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් වුණා.
ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු 19 සදහා උත්සාහක දිණුම් 2 ක් සහ නිදහස් පහර 3 ක් ඇතුළත් කර ගන්නට සමත් වුණා.ගයන්ත ඉද්දමන්ගොඩ නිදහස් පහර තුනේ හිමිකරු වූ අතර මනුක් පෙරේරා සහ පරාක්රම රත්නායක උත්සාහක දිණුම් ලබා ගත්තා.
කෝඩුකාර ශ්රී ලංයන්ස් කණ්ඩායම ඉකුත් වසරේ සූරයන් වූ සීආර් වෙතින් ලකුණු 43 – 13ක පරාජයක් ලැබූ අතර පළමු අර්ධයේදී සීආර් ක්රීඩකයින් ලකුණු 22 – 8 ක් ලෙස ඉදිරියෙන් සිටියා. සීආර් පිළ සිය ලකුණු 43 සදහා එක් කළ උත්සාහක දිණුම් හය වෙනුර කෝදාගොඩ [2],තිළිණ විජේසිංහ [1],අදීෂ වීරතුංග [1],රිනේෂ් සිල්වා [1] සහ රැන්ඩි සිල්වා [1] අතර බෙදී ගියා.සුබෙයිර් දොරේ ඉන් උත්සාහක දිණුම් පහකම ප්රවර්ථන සාර්ථකව එල්ල කළ අතර එක් නිදහස් පහරකින්ද හැව්ලොක්ස් වෙත ලකුණු ලබා දුන්නා.
ශ්රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක් වාර්තා වූ අතර දෙනුවන් ලක්රන්ද සහ ගනිඳු ලක්ෂාන් එම උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් වුණා.කෙවින් ඩික්ෂන් එක් නිදහස් පහරක් සාර්ථකව එල්ල කරන්නට සමත් වුණා.
පොලීසිය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී අතර තරගයෙන් සීඑච් කණ්ඩායම ලකුණු 39 – 27 ක් ලෙස ජය ගත්තා.පළමු අර්ධය පොලීසිය දැඩි සටනක් දෙමින් ලකුණු 14 – 17 ක් ලෙස සීඑච්ට ආසන්නයෙන් සිටියත් දෙවන අර්ධයේදී ඔවුන් ලකුණු 13 ක් ලබද්දී සීඑච් කණ්ඩායම ලකුණු 22 ක් ලබන්නට සමත් වුණා.
නිරෝෂ් පෙරේරා [2],මලික්ෂා පෙරේරා [1],දේවින්ද කුමාර [1] සහ ජනිදු ඩිල්ෂාන් [1] සීඑච් පිළට උත්සාහක දිණුම් පහක් ලබා දුන්නා.ජනිත් චන්දිමාල් ඉන් 4 ක් ම සාර්ථක ලෙස ප්රවර්ථනය කළ අතර නිදහස් පහර දෙකකින් ද ලකුණු ලබා දෙන්නට සමත් වුණා.පොලීසිය සිය ලකුණු 27 සඳහා සීඑච් හී වරදකින් එකතු වුණු උත්සාහක දිණුමක් (penalty try) සමඟ හේෂාන් සිල්වා සහ රමිත ද සිල්වා විසින් වාර්තා කළ උත්සාහක දිණුම්වලින් ද ලකුණු එකතු වුණා.ෂේන් ගෙල්වින් හෝවුඩ් හේසාන්ගේ සහ අමිතගේ උත්සාහක දිණුම් දෙකේම ප්රවර්ථනයන් සාර්ථක කර දුන් අතර ප්රින්ස් චාමර ද නිදහස් පහර දෙකකින් පොලීසියට ලකුණු එකතු කරන්නට සමත් වුණා.
සීආර් කණ්ඩායම සහ ශ්රී ලංයන්ස් අතර තරගයේ ඡායාරූප කිහිපයක් මේ සමඟ දැක්වෙනවා.