ආචාර්ය අයේෂා වික්‍රමසිංහට නව තනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙස පත්කර තිබෙන බව සඳහන් වේ.

විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබඳව හසල දැනුමක් හා පලපුරුද්දක් ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය සතු වේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතනයක් වේ. මේ වන විට ස්වාධීනව ක්‍රියාකරන දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කරගනිමින් ඔවුන්ගේ නිෂ්පාදනවල නිර්මාණාත්මක බව අන්තර්ජාතික වෙළඳපළට ගැලපෙන පරිදි හසුරුවමින් දේශීය අත්කම් කලාව අන්තර්ජාතික වෙළඳපළ තුළ ස්ථාවර කිරීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය විසින් මෙම පත්වීම සිදුකර තිබෙන බවසඳහන් වේ.

ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන සංවර්ධනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස 2006 වසරේ සිට කටයුතු කර තිබෙන අතර, ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම ප්‍රවර්ධනය සහ නිර්මාණය සඳහා ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල වෘත්තීමය අත්දැකීම් රැසක් ඇති කෙනෙකි.ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය මොරටුව විශ්ව විද්‍යාලයෙන් Fashion Design and Product Development පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමිය.

එක්සත් රාජධානියේ University of the Arts, London හිදී තම පශ්ශාත් උපාධියද ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් (University of the Visual and Performing Arts) ආචාර්ය උපාධියද ලබාගෙන තිබෙන බව සඳහන් වේ. විලාසිතා නිර්මාණකරණය පිළිබඳව දෙස් විදෙස් සම්මාන රැසකින්ද පිදූම් ලබා ඇති ආචාර්ය වික්‍රමසිංහ මහත්මිය විලාසිතා නිර්මාණය පිළිබඳව ජාතික හා අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා රැසක් එළිදක්වා තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...