යුක්‍රේන ගැටළුව තවදුරටත් උත්සන්න කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බවට චීනයෙන් ඉල්ලීමක්

Date:

කොළඹ LNW:යුක්‍රේන ගැටළුව තවදුරටත් උත්සන්න කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසනවා.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ ආරක්ෂක මණ්ඩලයේ අසුගියදා පැවති යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳ රැස්වීමකදී.
ඇමරිකාව අර්ථ විරහිත චෝදනා එල්ල කිරීම නතර කර, චීනය ඇතුළු රටවල් සමග දේශපාලන ක්‍රමයෙන් යුක්‍රේන අර්බුදය විසඳීම ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු පැවසුවා.

කලාපීය ආරක්ෂාව සහතික කිරීමේ මුවාවෙන් ඇමරිකාව සෙසු රටවල බලය අඩු කිරීමට උත්සාහ කරමින් සිටින අතර, එය ‍ලෝකයට වඩා වැඩි ගැටළු ඇති කරනු ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එරට සීතල යුද මානසිකත්වය හා ඒකපාර්ශ්වීය ප්‍රතිලාභ ලබා ගත හැකිය යන මතයන් බැහැර කළ යුතුය. එමෙන්ම යුක්‍රේන අර්බුදය මගින් සිය භූ දේශපාලන උපායමාර්ග ඉටු කර ගැනීමේ උත්සාහය අත්හැර, යුරෝපා මහාද්වීපයේ යළි සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවංකව කැප විය යුතු බව Geng Shuang මහතා අවධාරණය කරනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...