ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව, ඊයේ (22) පස්වරු 5.40ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් එස්.ජයිශංකර් මහතා මෙරටට පැමිණ ඇත.

ඒ මහතාව පිළිගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට එක්ව සිටියහ.

මෙම නිල සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...