රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :
අද (23)දින පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ට හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ළබා දෙමින් පවසා සිටියේ, පසුගිය කාලය තුළ ඇතැම් නගර සභා වල අයවැය දිනාගත් බවත් තවත් ඒවා පරාජය වූ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටී.
තවද, කොළඹ මෙන්ම සෑම මහ නගර සභාවක්ම වැදගත් බවත් , එම වැදගත් කම හේතුකොට ගනිමින් ඉදිරි අය වැය සඳහා විපක්ෂයද NPP වෙත පක්ෂව ඡන්දය දීමට පෙළඹෙනු ඇති බවද කියා සිටියේය.
ඒ අනුව අතරින් පතර නගර සභාවක් පරාජය වීම සමස්තය පරාජය වීමක් සේ නොසලකන බවද අමත්‍යවරයා පැවසීය.


