2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ විරෝධී පනත දූෂණය මැඩපැවැත්වීම සඳහා වැදගත් වන ප්‍රධානතම නීතිමය පියවරකි. මෙම පනත මඟින් පුළුල් විමර්ශන බලතල,වැරදි පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම් සහ දැඩි දඬුවම් හඳුන්වා දී ඇත. එහෙත් නීතියක් පමණක්ම තිබීම ප්‍රමාණවත් නොවේ. අර්ථවත් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දූෂණය සඳහා ඇති අවස්ථා අඩු කරන ක්‍රමවේද සහ පද්ධති සමඟ නීතිය ක්‍රියාත්මක විය යුතුය
එවැනි ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකම ආවරණය කරන සහ ඒවා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ ගෙවීම් පද්ධතියක් වේ. ප්‍රායෝගිකව මෙය දූෂණ විරෝධී පනතේ අරමුණු යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඇති වඩාත්ම ඵලදායී මෙවලම්වලින් එකක් වේ.
- නීතිය හා පද්ධති එකට ක්‍රියා කළ යුතුය
පනතේ 2 වන වගන්තියේ දක්වා ඇති ආකාරයට එහි මූලික අරමුණු වන්නේ:
දූෂණය වැළැක්වීම
විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම
වගකීම්භාවය සහතික කිරීම
මහජන විශ්වාසය ශක්තිමත් කිරීම වේ.
ඩිජිටල්කරණය කරන ලද ගෙවීම් මෙම ඉලක්ක සෘජුවම ශක්තිමත් කරයි. මූල්‍ය ගනුදෙනු ඉලෙක්ට්‍රොනිකව වාර්තා කරන විට මුදල් ප්‍රවාහයන් දෘශ්‍යමාන සහ පරීක්ෂා කළ හැකි වන අතර තහවුරු කිරීම් වලදී වැදගත් වේ.
නීතිය ඉල්ලා සිටින විනිවිදභාවය ඩිජිටල්කරණය මගින් නිරායාසයෙන්ම නිර්මාණය වේ.සරලව කිවහොත් නීති සම්පාදනය ප්‍රමිතිය සකසන විට තාක්‍ෂණය එය බලසම්පන්න කරයි.
- මුදල් නෝට්ටු දූෂණයට හේතු වන්නේ ඇයි?
මුදල් මත පදනම් වූ පරිසරයන් තුළ දූෂණය සමෘද්ධිමත් වේ.මන්දයත් මුදල්:
කිසිදු විගණන මංපෙතක් ඉතිරි නොකරයි
සොයා ගැනීමට අපහසුය
විචක්ෂණශීලීව හුවමාරු කර ගත හැකිය
බොහෝ අල්ලස් සහ දූෂණ මෙම ලක්ෂණ මත රඳා පවතී. ගෙවීම් ඩිජිටල් වේදිකාවලට මාරු වන විට නීතිවිරෝධී ගෙවීම් ඉලෙක්ට්‍රොනික සාක්ෂි ඉතිරි කරයි.
දෙන්නා සහ ලබන්නා යන දෙදෙනාම වැඩි අවදානමකට ලක් වන අතර විමර්ශකයින් සංයුක්ත සාක්ෂි ලබා ගනී.
එම නිසා ඩිජිටල්කරණය දූෂණයට දඬුවම් කිරීම පමණක් නොව එය අල්ලස් සහ දූෂණ සිදුවීම ද වළක්වයි.
- පැහැදිලි කිරීමක් නැති වත්කම් හඳුනා ගැනීමේ පහසුව
දූෂණ විරෝධී පනතේ ප්‍රබලම ලක්ෂණයක් වන්නේ නීත්‍යානුකූල ආදායමට වඩා වැඩි වත්කම් ඇති නමුත් ඒවාට සාධාරණ පැහැදිලි කිරීමක් කළ නොහැකි පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවයි.
ඩිජිටල් ගෙවීම් පද්ධති මෙම විධිවිධානය වඩාත් ඵලදායී කරන්නේ නීත්‍යානුකූල ආදායම් ප්‍රවාහ,වියදම් රටා හා
අරමුදල් ගලා ඒම සහ පිටතට ගලා යාම පැහැදිලිව හෙළිදරව් කිරීම නිසාය.
මන්ද මූල්‍ය ක්‍රියාකාරකම් ඩිජිටල් ආකාරයෙන් වාර්තා කරන විට පැහැදිලි නොකළ ධනය සැඟවීමට අපහසු වේ.
- විශ්වාසදායක සාක්ෂි ලෙස ඉලෙක්ට්‍රොනික වාර්තා
බැංකු වාර්තා ලබා ගැනීමට, ගනුදෙනු සොයා ගැනීමට සහ නඩු පැවරීමේදී ලේඛන සහ විද්‍යුත් දත්ත මත විශ්වාසය තැබීමට මෙම පනත මගින් බලධාරීන්ට බලය පවරයි.
ඩිජිටල් ගෙවීම් ස්වභාවිකවම නිපදවන්නේ:
නිවැරදි ගනුදෙනු ඉතිහාසය
කාල-මුද්‍රිත වාර්තා
සත්‍යාපිත මූල්‍ය මංපෙත් වේ.
මෙය සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ පාපොච්චාරණ මත යැපීම අඩු කර නඩු පැවරීම් ශක්තිමත් කරන අතර වරදකරු හසුකර ගැනීමේ අනුපාතය වැඩි දියුණු කරයි. මෙහිදී අධිකරණය සාක්ෂි මත නඩු තීරණය කරන අතර ඩිජිටල්කරණය එයට පසුබිම සපයයි.
- මහජන අරමුදල් ආරක්ෂාව
බොහෝ විට දූෂණයන්ගෙන් විශාල කොටසකට මහජන මුදල් ඇතුළත් වේ.ඒ ප්‍රසම්පාදනය, බලපත්‍ර ලබා දීම, බලපත්‍ර සහ රජයේ ගෙවීම් හරහා වේ.
ඒ අනුව රජයට අදාළ සියලුම ගනුදෙනු ඩිජිටල්කරණය කළ විට අරමුදල් සෘජුවම නිල ගිණුම් වෙත ගමන් කරයි.
අවිධිමත් “අතිරේක ගෙවීම්” ඉල්ලා සිටීම දුෂ්කර වන අතර මුදල් නාස්ති වීම අඩුවෙයි.
ඩිජිටල්කරණය මඟින් රාජ්‍ය අරමුදල් පෞද්ගලික ලාභයට නොව පොදු අරමුණු සඳහා බැර වන බවට සහතික කෙරේ.
- වත්කම් ප්‍රකාශ සහතික කිරීම
නීතියට අනුකූලව සෑම රාජ්‍ය නිලධාරීයෙක්ම ඔවුන්ගේ ආදායම්, වත්කම් සහ වගකීම් ප්‍රකාශ කළ යුතුය.කෙසේ වෙතත් ප්‍රකාශන අර්ථවත් වන්නේ ඒවා සහතික කළ හැකි නම් පමණි.
ඒ අනුව ඩිජිටල්කරණය කළ ගනුදෙනු මගින් ප්‍රකාශිත ආදායම සැබෑ වියදම් සමඟ සංසන්දනය කරන අතර ජීවන රටාව සහ ඉපැයීම් අතර නොගැලපීම් හඳුනා ගැනීමට බලධාරීන්ට ඉඩ සලසා දෙයි.තවද ව්‍යාජ හෝ නොමඟ යවන ප්‍රකාශන පහසුවෙන් හඳුනා ගැනීමට ද එයින් අවස්ථාව සැලසෙයි.
- දඬුවමට පෙර වැළැක්වීම
දූෂණ විරෝධී පනත මගින් දඬුවම් නියම කිරීමත් සමඟ එයට පෙර දූෂණ විරෝධි ක්‍රියා වැළැක්වීමට ද පියවර ගනියි.එනම් පුද්ගලික විනිශ්චය අවම කරමින් අනවශ්‍ය අතරමැදියන් ඉවත් කර නිරායාසයෙන්ම වගකිව යුත්තන් නීතිය ඉදිරයට ගෙන ඒමෙන් ඩිජිටල් පද්ධති මෙම වැළැක්වීමේ ප්‍රවේශයට සහාය වෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස වැරදි හැසිරීම් සඳහා ඇති අවස්ථා සීමා කිරීමෙන් දූෂණය සිදුවීමට පෙර එය නතර කරයි.
ඒ අනුව 2023 අංක 9 දරණ අල්ලස් හා දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට ශක්තිමත් නීතිමය රාමුවක් සපයයි. පුළුල් ඩිජිටල්කරණය කළ ගෙවීම් පද්ධතියක් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රායෝගික පදනම සපයයි.
එක්ව ඒවා:
දූෂණය වැළැක්වීම
විමර්ශන ශක්තිමත් කිරීම
අවංක රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම
මහජන විශ්වාසය නැවත ගොඩනැගීම සිදු කරයි.
සරලවම මුදල් දූෂණ ක්‍රියා සඟවයි.එනමුත් ඩිජිටල්කරණය එය හෙළි කරයි.
ශ්‍රී ලංකාව එහි දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඩිජිටල්කරණය කළ ගෙවීම් හුදෙක් සුවිශේෂී පහසුකමක් ලෙස නොව නීතිමය සහ පාලනමය අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත යුතුය.
*ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස ගේ “Digitised Payments and the Anti-Corruption Law of Sri Lanka” නම් ලිපියේ සිංහල අනුවාදය.



