වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW :


අද (23) දින දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමේ අවධානමක් නිසා තාවකාලිකව අවතැන් කදවුරක රැදී සිටින නෝර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් හැටන් නගරයේ පිහිටි මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

පෙත්සම් භාර දීමට පැමිණි වතු කම්කරුවන් කියා පැවසුවේ, නායයෑමේ අවධානමක් පවතින නිසා තම වතු යායේ පවුල් ගණනාවක් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තම වතුයායේ භාරතීපුරම් දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කල බවත් දැනට තම වතුයායේ නායයෑමේ අවධානමක් නොමැති නිසා තමන් පදිංචි නිවාස වලටම යන ලෙස තම කාර්යාලයේ නිළධාරින් දැනුම් දෙන බවයි .

මානව හිමිකම් කාර්යාලයට පෙත්සම් භාර දීමට පැමිණි වතු කම්කරුවන් වැඩි දුරටත් පැවසුවේ, තමන්ට නිවසක් ඉදි කර ගැනීමට ඉඩම් කැබැල්ලක් හෝ ලබා දෙන තෙක් තමන් එම පාසලේම තව දුරටත් රැදී සිටින බවත්, පීඩාවට පත් වී සිටින තමන්ව වතු පාලන අධිකාරිය මගින්ද විවිධ චෝදනා නගමින් පොලිසිය වෙත පැමිණිලි කර තමන්ව තව දුරටත් පීඩාවට පත් කිරිම සිදු කරන බවයි .

තම ගැටළුව මානව හිමිකම් කාර්යාලය වෙත භාර දුන් බවත්, ඉන් සාධාරණයක් ඉටු වෙතැයි අපේක්ෂාවෙන් එම පැමිණිල්ල සිදු කල බවයි එම වතු කම්කරුවන් කියා සිටියේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...