CAVA පළමු සටනෙන් කිර්ගීස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට පරාජය

Date:

අවුරුදු 23 න් පහළ CAVA වොලිබෝල් සූරතාවලිය සඳහා බංගලාදේශයේ ක්‍රියාත්මක තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය වට 3 -1 ලෙස කිර්ගිස්තානය හමුවේ පරාජය වෙමින් අවසන් විය.ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළ ද තීරණාත්මක අවස්ථාවලදී තරගයේ පීඩනය තමන් වෙතට පැමිණිම වළක්වා ගන්නට හෝ පාලනයට ඔව්හු අසමත් වූහ.එසේම පන්දු පිරිනැමීමේ දී දැක් වූ යම් දුර්වලතා තරග විස්තර විචාරයේදී පවා විවේචනයට ලක විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරන ලිබරෝ ක්‍රීඩක සුජිත් තිලංක තරගාවලියේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස මෙහිදි විශේෂ අවධානයක් දිනා ගත්තේය.එසේම නායක රුචිර සම්පත්,කවිශ්ක මධුශංක යන ක්‍රිඩකයින්ද කැපී පෙණින.තරගයේ වැඩි අවධානය දිනා ගත් ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කෙටි පන්දු ප්‍රහාරක අශේන් මලින්තය.ප්‍රහාරය තරමටම ඔහු දැල අසළ යෙදූ තනි ආවරණ කැපී පෙණින.
තරගයේ ප්‍රථම වට දෙක ලකුණු 25 -21 සහ 25 – 22 ලෙස කිර්ගිස්ථානය ජය ලැබුවේ ඒවා වළක්වන්නට තිබුණු අවස්ථාවන් ශ්‍රී ලංකා තරුණයන් අතින් ලිහිල් වූ බැවින්ය.නමුත් තෙවන වටය ලකුණු 25 – 22 ක් සේ ජය ගනිමින් ශ්‍රී ලංකා තරුණයෝ පෙරට ආහ.එම තරග වටයේ මුල සිටම අත් කරගත් වාසිය අවසාන භාගයේදී ලිහිල් නොවන්නට එම තරග වටයෙන් ලැබූ ජයට වඩා විශාල ජයක් අත් කර ගන්නට මෙන්ම,එය ඉදිරි වටයේ තරග මානසිකත්වයට අත්වැලක් කර ගන්නට ද ඉඩ තිබිණි.නමුත් එසේ නොවීම නිසා සිව්වන වටයේ දී තරගයේ කිර්ගිස්තානයට සාපේක්ෂව පහසුම තරග වටය හිමි වූ අතර එහි ලකුණු තත්ත්වය 25 – 18 ක් විය.
තරගාවලිය අරඹමින් පැවති බංගලාදේශ – නේපාල තරගයේ ජය බංගලාදේශය වට 3-0 ක් සේ හිමි කර ගත් අතර අද එම තරගයේ පරාජිත නේපාලය ශ්‍රී ලංකාව මුණ ගැසෙන්නට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...