ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අසංග ජයලත්

Date:

ජාතික රූපවාහිනී සංස්ථාවේ අභිනව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට මාධ්‍ය හා දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අසංග ජයලත් මහතා ජනාධිපතිගේ අනුමැතියෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පත්කොට තිබේ.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකු වන මොහු, ඩිජිටල් යුගයේ දැන්වීම් නිර්මාණකරුවෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ හසල කුසලතාවය ඇති විශිෂ්ටයෙකු මෙන්ම ශ්‍රී ලාංකේය මාධ්‍යකරණයේ අලුත් බලාපොරොත්තු තැබිය හැකි පුද්ගලයෙකු ලෙස හඳුනාගත හැකිය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව උසස් තනතුරු දරා ඇති අසංග ජයලත් මහතා, එහිදී ඔහුගේ හැකියාව මෙන්ම දක්ෂතාවය විශිෂ්ට ලෙස පෙන්නුම් කර ඇති බව ප්‍රකට කරුණකි.

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති මොහු ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ගණනාවක දැන්වීම්කරණ කටයුතු සම්බන්ධයෙන් සිය දායකත්වය සපයා ඇත.

මෑතකාලයේ ශ්‍රී ලංකාවේ පුවත් වෙබ් අඩවි අතර වැඩියෙන්ම කථාබහට සහ අන්තර්ජාල පරිශීලකයන් අතර ඉහළ ප්‍රතිචාර ලැබූ වෙබ් අඩවි කිහිපයක නිර්මාතෘවරායාද වන්නේ අසංග ජයලත් මහතාය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳුණු අලුත් දැනුම සහ තාක්ෂණය පිළිබඳව හසල පරිචයක් ඇති මොහු, විදේශ රටවල් ගණනාවකම පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සහභාගීවී අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.

හුදු වාණිජ පරමාර්ථවලට යට නොවී උසස් රසාස්වාදනයක් සඳහා ශ්‍රී ලංකේය රූපවාහිනී කලාව නව මඟකට අවතීර්ණය කිරීමේ අභියෝගය සාර්ථකව අසංග ජයලත් මහතාට ජය ගැනීමට හැකි වන බව අවිවාදිතය. ඒ සඳහා දීර්ඝ කාලයක සිට ලැබූ අත්දැකීම්, කුසලතාවය මෙන්ම ක්ෂේත්‍රයේ වැඩකිරීමෙන් ඔහු ලත් නිපුණත්වය මේ සඳහා හේතු වනු නිසැකය.

අසංග ජයලත් මහතාගේ අභිනව අධ්‍යක්ෂ ජනරාල් ධූරය ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රජාවට අපූරුතම රූපමය කියවීමක් ලෙස ලෝකයටම පෙන්වීමටද ඉඩ හසර වෙන් වන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...