ජීවත්වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලන සංඛ්‍යාව පවුල් ලක්ෂ 34ක් – රංජිත් සියඹලාපිටිය

Date:

රට පත්ව ඇති මූල්‍ය අර්බුදයෙන් මුදා ගැනීමේ අරමුණෙන් රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි ශිලා ලේඛන නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ යෝජනා සහ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය ඕනෑම මොහොතක සූදානම් බවයි. බදු ගෙවන්නන්ගේ අදහස් ලබා ගැනීම සඳහා සංවිධානය කෙරෙන “දිරිය පවුර” දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව සමාරම්භ කරමින් අමාත්‍යවරයා අද (23) මේ බව කියා සිටියේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ බදු ගෙවන්නන් වෙනුවෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය ඉදිරියේ දී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පැවැත්වීමට නියමිත ය.

“දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල් අතට ශ්‍රී ලංකාවත් එක් වුණා. ණය ගෙවා ගත නොහැකි බව ලෝකයට කියන්න වුණා. මේ සියල්ල ඒ විදියට සිදු වෙද්දි අපේ රටේ පවුල් ලක්ෂ 58න් ලක්ෂ 34ක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලනවා. පාසල්වල දරුවන් ලක්ෂ 42ක් ඉගෙන ගන්නවා. තවත් ලක්ෂ දෙකක් විතර දරුවන් පිරිසක් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. වාර්ෂිකව ලක්ෂ 57ක විතර ජනතාවක් රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රටේ ජනගහනය කෝටි දෙකක් වුණාට කෝටි හයක විතර ජනතාව රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබනවා. මේ එකක්වත් අපට නවත්වන්න බෑ. අපි මොකක් ද කරන්නෙ. ණය ගන්න හැකියාවක් නෑ.

අපට තියෙන හොඳම විකල්පය බදු ආදාම වැඩි කර ගැනීම. ඒ සඳහා තමයි මේ නව බදු ප්‍රතිපත්ති හදන්නෙ. අපි මේ සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරන්නෙ මේ නව ප්‍රතිපත්ති ගැන බදු ගෙවන ජනතාව විදියට ඔය දක්වන ප්‍රතිචාරයන්, විකල්ප යෝජනා අදහස්වලට සවන් දෙන්නයි. මේ කිසි දෙයක් සෙල්ලිපි නොවෙයි. බදු ගෙවන ජනතාවගේ ඉල්ලීම, සාධාරණ යෝජනා මත නම්‍යශීලී ‍වෙන්න රජය ඕනෑම මොහොතක සූදානම් ” යැයි අමාත්‍යවරයා පැවැසීය.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහත්වරු ද මෙහි දී දෙසුම් පැවැත්වූහ.

මුදල් අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ කොළඹ දිස්ත්‍රික්කයේ බදු ගෙවන ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...