තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ බෙලරූස් ජනරජය වෙත අක්තපත්‍ර පිටපත් පිළිගන්වයි

Date:

තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය බෙලරූස් ජනරජය වෙත අක්තපත්‍ර පිටපත් පිළිගන්වයි

බෙලරූස් ජනරජයට එකඟව අක්ත ගන්වනු ලැබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය විසින් සිය අක්තපත්‍රවල පිටපත් 2021 දෙසැම්බර් මස 07වන දින බෙලරූස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි බොරිසෙවිච් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවෙන් අනතුරු ව පැවති සුහද සංවාදය අතරතුර දී ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍යය අතර පවත්නා වෙළඳ, සංචාරක, අධ්‍යාපන සහ වෙනත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි පියවර සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් සාකච්ඡා පැවැත්වීය. බෙලරූස් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිසුන් 1000 කට අධික පිරිසක් නියෝජනය කෙරෙන අතර මින්ස්ක්, ග්‍රොඩ්නෝ, වීටෙබ්ස්ක් සහ ගොමෙල් යන ප්‍රදේශයන්හි වැඩි වශයෙන් එම ශ්‍රී ලාංකික ප්‍රජාව වාසය කරයි. මේ වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 20වන සංවත්සරය ද සමරනු ලබයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 21 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...