*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සහ නිල සංචිත තත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවෙන් නිවේදනයක්

2021 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 03 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සහ නිල සංචිත තත්ත්වය


දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් 2021 වසර අවසාන වන විට නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. කොවිඩ්-19 හි ආර්ථික බලපෑම් හේතුවෙන් ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළේය. එසේම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළේය. පවතින විදේශීය ණය තිරසාර ලෙස කලමනාකරණය කර ගත හැකි වන පරිදි ණය නොවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර, එමඟින් කෙටි කාලීනව නිල සංචිත ගොඩ නැඟීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක්වීය.

සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශිත පරිදි, නුදුරේදී විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ එ.ජ. ඩොලර් බිලියන 2.0ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වේ. රජය විසින්, ද්වීපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටී. මීට අමතරව, බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇත. තවද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තන කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළෙඳපොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇති අතර එමඟින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකි වේ. විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑත කාලීන වර්ධනයත් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමඟ ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය සහ මහ බැංකුව අපේක්ෂා කරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan