මගෙන් වරදක් වෙලා නැහැ – කෙහෙළිය

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිල දී ගැනීමේ සිද්ධියේ දී තමා අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සිව් දෙනෙකු හා සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු හය දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරත කර සිටින පසුබිමකයි හිටපු අමාත්‍යවරයා මෙලෙස සඳහන් කරන්නේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවයි.

එම නිසා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු කියා සිටින්නේ.

එහෙත් තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවද රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එහෙත් සෞඛ්‍ය වෘත්තීය සංගම් ඇතුළු විවිධ පාර්ශ්ව චෝදනා කරන්නේ එම ඖෂධ වංචාවේ මහමොළකරුවන් මෙතෙක් අත්අඩංගුවට පත් ව නොමැති අතර මෙම ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද වගකිව යුතු හෙයින් ඔහු ද අත්අඩංගුවට ගත යුතු බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 10 දෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයිද ආගමන විගමන පාලකවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...