සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලබන 27 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇