අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට නව සංශෝධන රැසක් ඉදිරියේදී

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පවතින බාධක මෙමගින් දුරුවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

වරිපනම් බදු ඇතුලුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාල ගත කිරීමේ වැඩසටහන අකුරණ ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරමින් එහිදී ඊයේ (23) පැවැති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මහජන බැංකුව හා එක්ව මෙම වැඩසටහ ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය සභාවේ බදු ඇතුලු සියලු ගෙවීම් මාර්ගත ක්‍රමයට සිදුකිරීමේ හැකියාව මෙමගින් සිදුවේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පළාත් පාලන ආයතන 346ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඉදිරි වර්ෂයේ මාර්තු මාසය වන විට සියලුම පළාත් පාලන ආයතන තුළ අන්තර්ජාල ගෙවීම් සිදුකළ හැකි යැයි පෙන්වා දුන්නේය.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන අතර ලිපි හුවමාරුවන කාලය තුළ දී ඉදිකිරීම් සිදුවන බවත් ඒවා ඉවත් කිරීමේ තීරණ ගැනීමේදී පවුල් පිටින් එහි පදිංචිවී සිටීම නිසා ගැටලු රැසක් මතුවන බව ඒ මහතා පෙන්වා දුන්නේය. නිරත්තරයෙන් ගං වතුරට යටවන අකුරණ නගරය නිරීක්ෂණය කිරීමේදී වරද කොතනදැයි පැහැදිලිව අවබෝධ වන බව කී ඒ මහතා පළාත් පාලන පනත සංශෝධනය කිරීම මගින් යළි එවැනි වැරදි සිදු නොවනු ඇතැයි ද කීවේය.

එමෙන්ම සියලු රාජ්‍ය ආයතන සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනිමට වැඩසටහන් යොදන බවත් ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල කරා පැමිණ ලබා ගන්නා සේවාවන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා කීහ.

පහළ ආදායම් සහිත පළාත් පාලන ආයතන සඳහා ආදායම් උත්පාදන වැඩසටහන් හදුනා දෙන බව කී ඒ මහතා මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සඳහා සංචාරක ක්ෂේත්‍රයෙන් ආදායම් ඉපැයීමට අවස්ථාව හිමිකර දෙන බව කීවේය. සංචාරක ආදායම් ඉපැයීම සඳහා රුපියල් මිලියන දහසක මුදලක් පළාත් පාලන ආයතන වෙත ලබාදීමට හැකියාව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට විදේශවලින් ඇතුලුව විවිධ මූලාශ ඔස්සේ ලැබෙන මුදල් පළාත් සභා සඳහා ලබාදී එම ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කොට ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

රජය සතු භාවිතයට නොගන්නා වාහන පළාත් සභා සඳහා ලබා දෙන බව කී ඒ මහතා කිලෝමීටර් පහක දුරක් ගමන් නොකර වල් වැදී නවතා තිබෙන ගල් රෝල් පවා රජය සතුවී ඇතැයි සඳහන් කළේය. එවැනි වාහන හා යන්ත්‍ර සූත්‍ර පළාත් පාලන ආයතන සඳහා ලබාදී එමගින් මහජනයාට කුමන හෝ සේවයක් ලබාදිමට සැලසුම් කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා තවදුරටත් සඳහන් කළේය.

මුදල් ගෙවීම මාර්ගගත කිරීමේ ජාතික වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ, අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.ජී.එම්.බී.රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...