අලුත් සුරාබදු කොමසාරිස් මහා පරිමාණ සමාගම් දෙකකට ලැදිව අනෙක් සමාගම් වැසීමට කුමන්ත්‍රණය කරන බවට චෝදනා !

Date:

නව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකකට විශේෂ ලැදියාවක් දක්වමින් සෙසු මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වසා දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවට මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළින් චෝදනාවක් එල්ල වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකකට විශේෂ වාසි ලැබෙන ආකාරයට කටයුතු කරමින් සිටින බවටයි මත්පැන් නිෂ්පාදන කර්මාන්තය තුළ කතාබහට ලක්ව ඇත්තේ.

උදය කුමාර පෙරේරා මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කර තිබුණේ පසුගිය දෙසැම්බර් 09 වනදා ය. එදින සිට ගතවූ සති දෙක තුළ ඔහු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මෙන්ම මත්පැන් නිෂ්පාදන කර්මාන්තයේ පාර්ශ්ව සහ වෙනත් පාර්ශ්ව රැසක් අතරත් දැඩි අප්‍රසාදයට ලක්ව සිටී.

අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බවට ඔහු පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන සිය විරෝධය පළකර තිබුණු අතර ජාතික සංඝ සම්මේලනය ඒ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද ලිඛිතව දැනුම් දී තිබිණි.

මේ අතර මේ සිද්ධියෙන් තමන්ව බේරාගන්නා ලෙස නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ ප්‍රධානියෙකුගෙන් සහ තවත් පාර්ශව කිහිපයකින් බැගෑපත්ව වැඳ වැටෙමින් ඉල්ලා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙයින් පසු මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති ඩී. ජී. ඒ. උඩුගම මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ අඩු මිලට නව මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙල අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක්, අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බවකි.

එසේම නව සුරාබදු කොමසාරිස්වරයාට පක්ෂපාතීත්වය පෙන්වමින් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය තවදුරටත් සඳහන් කර ඇත්තේ උදය කුමාර පෙරේරා මහතා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දූෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...