ඉන්දියාවෙන් තවත් සහනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ (LNW):

ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය.

ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ සඳහා වේ. මේ සඳහා ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර, මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීමත් බලාපොරොත්තු වේ.

එහිදී, අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...