එක යුගයක ආදරයේ වාහකය …..

Date:

අපි ආදරේ කරන්න පටන් ගත්ත පාසල් කාලේ, දැන් වගේ mobile phone තිබුණෙ නැහැ. කෙටි පණිවිඩ (SMS) කියලා ජාතියක් තිබුණෙත් නැහැ. ඉස්කෝලේ එක්සයිස් පොතක මැද කොළ දෙක කඩා ගත්තහම පිටු හතරක් තියෙනවා. රසවත් විදිහට ආදරෙයි කියන්න. ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට ආදරය දෝරේ ගලනවා. උතුරා යන ආදරය පිරුණු ලියුම් කඩදාසි එහාට මෙහාට හුවමාරු වෙනවා. එකක් දෙකක් නෙවෙයි සිය ගණන් දහස් ගණන්.

ඒ හැම ලියුමක්ම පටන් ගන්නේ, ආදරණීය කටහඬකින් ගැයෙන ආදර ගීයක පද කීපයකින්. තරුණ හිත් වල තෙරපුණු ආදරේ අනික් පාර්ශවය වෙත රැගෙන ගියේ ලියුම් කොලේ දිගහැරපු ගමන් ඇහෙන මේ හඬවල්. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි………

ඒ හඬ පෞරුෂයන් ගේ ප්‍රභවයන් අද නිවී ගිහින්. ඒ නිවී ගිය ප්‍රභවයන් අතර ට අලුතින්ම එක් එක් වුණේ ප්‍රියා සුරියසේන. එක යුගයක ආදරයේ වාහකය ……….ප්‍රියා සුරියසේන

ඔබට සුබ රාත්‍රියක්… !

~ අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...