සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සෘජුවම බලපෑමට ලක් වූ ප්‍රදේශවල සේවය කළ සේවකයින් තුන් ලක්ෂ 74,000 කට බලපෑම් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර තිබෙන බව වාර්තා වේ.

එම සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ, මෙම සේවකයින්ට වෙනත් තැනක රාජකාරී කිරීමට හෝ ගුණාත්මක රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් මාසයකට අහිමි විය හැකි ආදායමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් විය හැකි බවයි.

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කෘෂිකර්මාන්තය සහ ධීවර අංශය දැඩි බලපෑමට ලක්ව තිබෙන අතර, ගංවතුරෙන් වී වගා කරන ඉඩම්වලින් සියයට 23 ක් දක්වා ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇතැයි එහි සඳහන් වේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ, තේ කර්මාන්තයේ නිෂ්පාදන පාඩු පිළිබඳ මූලික ඇස්තමේන්තුව සියයට 35 ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවටයි.

සියයට 70 ක් වන කුඩා වතු හිමියන්ට ද බලපෑම් එල්ල වී ඇති බව එහි සඳහන් වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ, මෙම විනාශකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින්, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීමට කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි මුදල් ආධාර සහ යහපත් සේවා කොන්දේසි සහතික කරන රැකියා සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...