රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW:
” කුඩු රොෂාන්” “ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
පොලීසිය පැවැසුවේ, සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 3ක් ද සොයාගත් බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


