*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රටවල් 17 ක නියෝජිතයන් සඳහා පවත්වන ලද අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය

රටවල් 17ක් නියෝජනය කරමින් අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් පිරිස සමඟ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා දෙසැම්බර් 22 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී හමුවක් පැවැත්වී ය. මෙම තානාපතිවරුන් දෙසැම්බර් 21 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර, ඉන් අනතුරුව මෙම හමුව සඳහා සහභාගී වූහ. මෙම නියෝජිතයන්ගේ බොහෝමයක්ම නව දිල්ලියේ සිටින නේවාසික නොවන දූත මණ්ඩල ප්‍රධානීහු වෙති.

මෙම දූත මණ්ඩල ප්‍රධානීන් පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකා රජය ඔවුන් සියලු දෙනා සමඟ ශක්තිමත් මෙන්ම සුවිශේෂී සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කළ සමයේ දී, අප්‍රිකානු මහද්වීපය තුළ ප්‍රමාණවත් නියෝජනයක් නොමැති බවට ශ්‍රී ලංකා රජයට හැඟී ගිය බවත්, අප්‍රිකානු රටවල් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට සිතාමතා උත්සාහ කළ බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. තවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ පවතින වත්මන් රජය අප්‍රිකානු ජාතීන් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට මෙන්ම, අප්‍රිකානු සංගමය සමඟ සබඳතා තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා තානාපතිවරුන් දැනුම්වත් කළේ ය. වත්මන් රජය විසින් සැලසුම් කරන ලද ව්‍යුහාත්මක සැලසුම්, ප්‍රමුඛතා සහ රාමු යනාදිය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අඩාළ වුවද, ශ්‍රී ලංකාව සැලකිය යුතු සාර්ථකත්වයක් හිමි කරගෙන ඇති බව එතුමා ප්‍රකාශ කළේ ය. වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ගෙන් 90% කට එන්නත් ද්විත්ත්වයම ලබා දී ඇති බවත්, මේ වන විට බූස්ටර් එන්නත ලබා දෙමින් පවතින බවත් එතුමා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම සෞඛ්‍ය සේවය සහ සැපයුම් පද්ධතිය මෙන්ම, රටේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීම  සඳහා ත්‍රිවිධ හමුදාව ලබා දුන් සහයෝගය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දැක්වී ය. වසංගතය හේතුවෙන් බලපෑම් එල්ල වූ වාතාවරණයක් හමුවේ රටේ අපනයන ආර්ථිකයට හානි එල්ල නොවන ලෙස ජනතාව අඛණ්ඩව සේවයේ යෙදවීම තහවුරු කිරීම සඳහා, පුද්ගලික අංශයේ ඇඟළුම් කර්මාන්ත වැනි අංශ පී.පී.ඊ. ඇඳුම් කට්ටල වැනි නව මුහුණුවරකින් යුත් නිපැයුම් නිපදවමින් පෙන්වන ලද ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ද තානාපතිවරුන් දැනුම්වත් කරන ලදී. විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් වසංගතය හේතුවෙන් තම මව් රටට පැමිණීම හේතුවෙන් ප්‍රේෂණවලට බලපෑම් එල්ල වූ බව අමාත්‍ය පීරිස් මැතිතුමා  සඳහන් කළේ ය. බොහෝ දෙනෙකුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍යව ඇති බැවින් රජය බොහෝ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

වසර 30 ක් මුළුල්ලේ පැවති යුධ ගැටුම් හේතුවෙන්  ශ්‍රී ලංකාවට හානි එල්ල වූ බවත්, එවැනි විශාල ගැටුමක් අවසානයේ දී බොහෝ දෑ අවශේෂ වන බවත් විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. ගැටුම් නිමවා යථා තත්ත්වයට පත්වීමට අනෙකුත් රටවලට දශක ගණනාවක් ගත වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, අවශේෂව ඇති ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත් ප්‍රකාශ කළේ ය. තවද, ශ්‍රී ලංකා රජය විසින් පිහිටුවන ලද  අතුරුදහන් වූ තැනැත්තන්  පිළිබඳ කාර්යාලය, විමර්ශන කොමිෂන් සභා, ONUR සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි යාන්ත්‍රණයන් පිළිබඳව ද එතුමා සඳහන් කළ අතර ගැටුමෙ හි අවශේෂ කරුණු සම්බන්ධයෙන් එම සියලුම යාන්ත්‍රණයන් කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු කාන්තා විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවත්, තීරණ ගැනීමේ දී වැඩි කාන්තා නියෝජනයක් සඳහා අවස්ථාව ලබා දීමට  ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ දැඩි අරමුණකින් සහ සුහදශිලීත්වයෙන් යුතුව කටයුතු කළ බවත් මින් ඉදිරියටත් එසේ කටයුතු කරන බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. එහෙත් එම සංවිධානය රටේ අභ්‍යන්තර කටයුතුවලට අධික ලෙස මැදිහත්  වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කරන බව ද එතුමා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවට එරෙහිව යෙදවීම සඳහා දත්ත රැස් කිරීම එකම අරමුණ කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති ‘විශේෂ යාන්ත්‍රණය’ සම්බන්ධයෙන්  අමාත්‍යවරයා සිය විරුද්ධත්වය පළ කළේ ය.  එම දත්ත මොනවාදැයි දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් එම නිසා මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොමැති බවත් එතුමා ප්‍රකාශ කළේ ය.

ශක්තිමත්ව නැගී සිටින රටක් පහත හෙළීම වෙනුවට, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබා දිය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාත්‍යන්තර වේදිකා හමුවේ ශ්‍රී ලංකාවට සහය පළ කරන ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ තානාපතිවරුන්ගෙන් සහ මහ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එක් එක් රටවල සංස්කෘතිය සහ ආචාර ධර්මවලට අනුකූලව විසඳුම් සෙවීම සඳහා පළාත් පාලන ආයතනවලට කාලය හා අවකාශය ලබාදිය යුතු බව ද එතුමා පෙන්වා දුන්නේ ය.

2022 පෙබරවාරි මස යෙදෙන ජාතික දින සැමරුමට එක්වීමට ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරුන්ට ආරාධනා කරමින් එතුමා මෙම හමුව අවසන් කළ අතර, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සන්දර්භය තුළ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයක් අපේක්ෂා කරන බව ද සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට සහභාගී වූ දූත මණ්ඩල ප්‍රධානීන් පහත පරිදි වේ:

                          I.          සියෙරා ලියෝන් ජනරජය-  මහ කොමසාරිස් අර්නස්ට් බයිම්බා මැතිතුමා

                        II.          ජෝර්දාන හෑෂමයිට් රාජධානිය- තානාපති මොහමඩ් එල්- කයෙඩ් මැතිතුමා

                      III.          ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජය- තානාපති චෝ හුයි චෝල් මැතිතුමා

                      IV.          රුවන්ඩා ජනරජය- මහ කොමසාරිස් මුකන්ගිරා ජැකලීන් මැතිනිය 

                        V.          බොට්ස්වානා ජනරජය- මහ කොමසාරිස් ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මැතිතුමා

                      VI.          මෝල්ටා ජනරජය- මහ කොමසාරිස් රූබන් ගෞචි මැතිතුමා

                    VII.          හංගේරියානු ජනරජය- තානාපති ඇන්ද්‍රාස් ලැස්ලෝ කර්ලේ මැතිතුමා

                  VIII.          ඉස්ලාමීය මොරිටේනියා ජනරජය- තානාපති මුහම්මද් අහ්මඩ් රාරා මැතිතුමා

                      IX.          ටියුනීසියා ජනරජය- තානාපති හයෙට් ටැල්බි බිලේල් මැතිනිය

                        X.          ආර්ජන්ටිනා ජනරජය- තානාපති හියුගෝ ජැවියර් ගොබ්බි මැතිතුමා

                      XI.          ගයනා සමූහික ජනරජය- මහ කොමසාරිස් චරන්දාස් පර්සෝද් මැතිතුමා

                    XII.          අරාබි ඊජිප්තු ජනරජය- තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා

                  XIII.          ඩොමිනිකන් ජනරජය- තානාපති ඩේවිඩ් එම්මානුවෙල් පුයිග්

                  XIV.          නයිජීරියානු ෆෙඩරල් ජනරජය- මහ කොමසාරිස් අහ්මඩ් සුලේ මැතිතුමා

                    XV.          ඉන්දුනීසියානු ජනරජය- තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය

                  XVI.          ස්පාඤ්ඤ රාජධානිය- තානාපති ජෝසේ මරියා ඩොමින්ගුවේස් මැතිතුමා

                XVII.          ස්ලෝවේනියා ජනරජය- තානාපති මැටේජා ගෝෂ් මැතිනිය

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 23 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan