තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහලට! මාතර බන්ධනාගාරය අර්බුධයකද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ගාමිණී බී. දිසානායක මහතා කියා සිටී.

මේ අනුව සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ කියා සිටී.

තවද, මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 08 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර ඉන් එක් රෝගියෙකු පසුව ජීවිතක්ෂයට පත්වුණි. මියගිය රැඳවියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කෙරුණු අතර , අදාළ රැඳවියා මියගොස් ඇත්තේ මොළයේ උණ තත්ත්වයක් හේතුවෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් අද (24) සහ හෙට (25) දිනයේ රැඳවියන් බැලීමේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවත්, නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාපටිපාටියේදී විශේෂ සැලකිල්ලක් දැක්වීමට බන්ධනාගාර සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවද සඳහන්වේ.

තවද, බන්ධනාගාර සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මාතර බන්ධනාගාරය තුළ උණ සහිත රැඳවියන් කිහිපදෙනෙකු තවදුරටත් රැදී සිටින බව වාර්තා වන අතර, එම රැඳවියන් ද අද (24) දිනයේ දී වහාම රෝහල් ගතකිරීමට පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...