*
Wednesday, December 25, 2024
spot_img

Latest Posts

සංචාරක කර්මාන්තය කියා දේශපාලනඥයන් ප්‍රවර්ධනය කරන්න මත්පැන් බලපත්‍ර දුන් සංස්කෘතිය නැවැත්විය යුතුයි – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ සමාජ රටා ගැන සත්‍යවාදී යථාර්ථවාදී අවබෝධයක් ලබා ගත යුතු බවත් ඉන් බැහැරව හුදකලාව කතා නොකළ යුතු බවත් අප රටට බරපතල ඩොලර් හිගයක් ඇතිව තිබෙන බවත් ලබන වසරේ සිට පොලියෙන් කොටසක් ගෙවිය යුතු බවත් විනිමය හුවමාරුවල ගෙවීම් හා තවත් විදේශ ණය ගෙවීම් සිදුකළ යුතු බවත් සත්‍ය යථාර්ථය වන්නේ එය ඉටු කරන්නට අප රටේ සංචිත සාර්ථකව ඉහළ මට්ටමක පවත්වා ගෙන යාම බවත් ඒ සඳහා විදේශ විනිමය උපයන ප්‍රධානතම ව්‍යාපාරයක් ලෙස මේ මොහොත වන විට සංචාරක කර්මාන්තය නම්කර ඇති බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය විය යුතු වුවත් ඒ හරහා සමාජයේ ඇති වන දූෂණ අවම කිරිමට හා වැළැක්වීමට සමබර වැඩසටහනකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය වසර 3කට ආසන්න කාලයේ මත්පැන් බලපත්‍ර, මෘදු මත්පැන් බලපත්‍ර සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා නොව දේශපාලන ස්ථාවරය ශක්තිමත් කිරීමට ලබා දුන් බවත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරනවා කියා දේශපාලනඥයන් ප්‍රවර්ධනය කිරීමට ඔලුගෙඩි මාරු සෙල්ලම් කිරීමට මේවා යොදා ගත් බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා මේ සංස්කෘතියෙන් බැහැර වී සුචරිතවත් ශිෂ්ටසම්පන්න සමාජයක් බිහි කළ යුතු බවත් සඳහන් කළේය.

නිසි ප්‍රතිපත්ති සම්පාදනයකට යොමු විය යුතුයි

රට ආර්ථික වශයෙන් අරාජිකත්වයකට මුහුණ දී ඇති බවත් ඊට අමතරව සමාජීය වශයෙන් ද යම් යම් ප්‍රතිගාමී බලවේග හා ක්‍රියාදාම නිසා විනාශ වෙමින් යන බවත් එම නිසා නිසි ප්‍රතිපත්ති සම්පාදනයකට යොමු වී අමද්‍යප චින්තනය සහ සංකල්පය අණපනත් හා නීති කෙටුම්පත් හරහා නිර්මාණය වී ඒ හරහා ඒවා ක්‍රියාත්මක කර පසුවිපරමට හා අධීක්ෂණයට ලක් විය යුතු බවත් ඒ හරහා එම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම තුළින් සියලු දෙනාගේ අභිලාශ ජයගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රතිපත්ති චක්‍රය ඉදිරියට යනවාද නැද්ද යන්න සමාජයේ තීන්දු වන්නේ එම ප්‍රතිපත්තීන් පිළිබඳ පෙනී සිටින කොටස්වල කණ්ඩායම්වල බලයත් සමග බවත් එය යථාර්ථය බවත් අද වන විට අමද්‍යප ව්‍යාපාර සාර්ථක කරන්නට ඉදිරිපත් වන අය මෙන්ම අසාර්ථක කරන්න අඩපණ කරන්න ඉදිරිපත් වන කොටස් ලෙස දෙකොටසක් ඇති බවත් හෘද සාක්ෂියට අනුව මේ කොටස් දෙකෙන් ධනබලය මූල්‍ය බලය දේශපාලන බලය ඇත්තේ මොන කොටසට ද කියා තීන්දු කල යුතු බවත් පැවසූ‍ සජිත් ප්‍රේමදාස මහතා ජන බලය සමාජ බලය ජනතා පිළිගැනීම සුචරිත වූ ශිෂ්ටසම්පන්න ප්‍රබුද්ධ ප්‍රශස්ත ජන සමාජයක් නිර්මාණය කිරීමට පෙනී සිටින කණ්ඩයම කවුද කියා තීරණය කළ යුතු බවත් අවධාරණය කළේය.

සුචරිත වූ සමාජයක් ගොඩනැගීමට ජන බලය තිබුණත් ධන බලය නෑ

සුචරිත වූ ජන සමාජයක් ගොඩනැගීමේ සත්‍යවාදී යථාර්ථවාදී ඉලක්ක සම්පූර්ණ කිරීමේ ගමනට ජන බලය තිබුණත් ධන බලය නොමැති බවත් සමාජ බලය තිබුණත් ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනවල බලය නොමැති බවත් මත්පැන් මත්ද්‍රව්‍ය මධ්‍යසාර දුම්වැටි ප්‍රවර්ධනය කරන අය ඒ ඒ ආයතනවල මූල්‍ය බලය උපයෝගී කර ගෙන ප්‍රතිපත්ති චක්‍රයේ වැදගත් සංධිස්ථාන තමන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවත් මෙය සත්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

එම නිසා මෙම ග්‍රන්ථයේ පිටපත් 225ක් ලබා දෙන ලෙසත් ඒවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බවත් ඒ තුළින් මධ්‍යසාර මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කළ යුතු බවත් ඒ යථාර්ථය කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අමද්‍යප මහා සභාවේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan