ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය ,කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන් වේ.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, ඖෂධ තත්ත්ව පරික්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාම අධිකාරියේ තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාර තුළින් සිදු කර ගැනීමේදී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වී ඇති බැවින් ඉදිරියේදී එම කටයුතු තවදුරටත් පුළුල් කරමින් ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

ඖෂධ සැපයුම් ක්‍රියාවලියට බාධාවක් සිදු නොවන පරිදි මෙම ගැටලු විසඳාගත යුතු බවද සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...