*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ලෝකයක් ඉදිරිපිට සීතාම්බර සළුවෙන් සැරසී ආඩම්බර වීම

ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් විය යුතුද?
ඕනිම දෙයක් කාලයට සාපේක්ෂව වෙනස් විය යුතුයි.
ප්‍රශ්ණය සහ පිළිතුර අපේ පාර්ශවයෙන් ගත් විට එබඳුය.
නමුත් ලංකාවේ ක්‍රීඩාවේ නීතිය හෝ වෙනත් සාධක වෙනස් වන්නේ කාලයට සාපේක්ෂව ලෝකයට අනුකූලව නොවේය.ඒවා යම් යම් අයගේ බලව ව්‍යාපෘති යටතේ කෙනෙක්ගේ බලය තහවුරු කර ගැනීමටය.එහෙත් නැතිනම් කාගේ හෝ බලය අහෝසි කිරීමටය.අලුතින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් එයට යම් ගැටළුකාරී තත්ත්වයන් මතු විය හැකි බව අප කීවේ එබැවින්ය.ඊට හේතුව මේ මොහොතේ රටේ ක්‍රීඩාවේ දේශපාලන අධිකාරිය සමඟ ඒකත්පස්ව සිටින්නන්ට අනුව වෙනස් විය යුතු කීඩා පරිපාලන කිහිපයක් ද ඒවා පාලනය කරන්නට හෝ ඉවත් කරන්නට යම් යම් ප්‍රතිපාදනද අවශ්‍යය බව හැඟවෙන ක්‍රියාවන් සිඳුවෙමින් තිබිණ.සංශෝධන යනු ඒවාට පාවාඩ එලීමය.වෙන්නේ වංගුවේ හැඩේ නොදැන හැරවීමය.කණේ වාලි ගෑවෙන්න නැමිය හැකි බව සිතුවද පාර ලිස්සන සුළු බව දැන ගන්නා විට ඉතුරු, යාන්තමට හුස්ම වැටෙන සිරුරක් පමණය.
කෙසේ හෝ මේ උවමනාව පෙරහැරක් සේ ගත්තොත් කසකාරයෝ සංශෝධනවලට පෙර ආ හ.පෙරහැරේ ඒ වැඩේ පවරා ගෙන තිබුණේ අමාත්‍යංශ ලේකම්ය.පාපැදි ක්‍රීඩාවේ නියැලි අයෙක් වුව ඔහුගේ පරිපාලන හැසිරීම් සමහර විට ක්‍රීඩාව විකුණා පාපැදිය තියාගත් අයෙක් සේ ය.ඒවා වෛද්‍යවරයෙක් ලෙස හෝ දියුණු කෝණයකින් නොබලන්නේය.කසාරයා කරේ ඇමති ඔඩොක්කුවේ හෝ ඇමතිගේ ඔඩොක්කුවේ සිටින පිරිසකගේ අවශ්‍යයතාවයට ක්‍රිකට්වලට ජාත්‍යන්තරයට යන්න ලැහැස්ති වෙන්න එපා.ඇමති ඉන්නවා.අමාත්‍යංශය තියෙනවා,රටේ නීතිය තියෙනවා වැනි කරුණු ඉදිරිපත් කරමින් ක්‍රිකට් රටට ද්‍රෝහි වූ බවක් පෙන්නා ආණ්ඩුවේ පාදමේ තියෙන ජාතිවාදි සහ ආගම්වාදී දේශපාලන ගොහොරුවෙන් මඩ ටිකක් රැඟෙන ගසා දැමීමය.
හැබැයි මේ ඔඩොක්කු කණ්ඩායමේ ඉන්න අයගේ උවමනාවන් සහ ආසාවන් එකිනෙකට වෙනස්ය.ඒ අයට තමන්ගේ අරමුණ කරා යන්නට තියෙන මාර්ග වෙනස්ය.ක්‍රීඩා අමාත්‍යවරයා හා අමාත්‍යංශය මේ අරමුණ ඉටු කිරීමට යාමේදී ඔවුන්ට අවශ්‍යය විදිහට සළු ඇඳ ගත්තද,ඔවුන් අන්දන්නේ සීතිම්බර සළු බව දන්නේ නැත.ඒ නිසා දෙපැත්තේම දේහයන්හී කැත අජූව කොටස් එළියේ දාගෙන ඔවුන් කරන්නේ සුන්දරයැයි කියා ඇවිදීමය.
ක්‍රිකට්වලට රට රටවල ගිහි වැඩ වරද්දගන්න එපා අපි මෙහෙ බලා ගමු කියා ලේකම් කියද්දි අමාත්‍යවරයා රගර් සභාපතිට රගර් තහනම් කරන්නේ ආසියාවෙන් ඔහුට පරීක්ෂණයක් කරන බව කියාය.මේ ලියුම්වල අන්තර්ගතය එකිනෙකට කොච්චර වෙනස්ද කියා සිතන්නට අවශ්‍යය නැත.බලය යනු නීතිය තමන්ට රිසි සේ යොදාගත හැකි මෙවලමක් යැයි සිතන තැනට පත්වෙන ලංකාවේ දේශපාලනයේ සහ රාජකාරිය සඳහා තියෙන ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම වෙනුවට දේශපාලකයාගේ ඡන්ද ව්‍යාපාරයක් වන්නට අමාත්‍යංශවලට ඉඩ හැර කටයුතු කරන්නන්ට ද මේ පරස්පරතා,ඇතිවන ලැජ්ජාව වැනි දේ අදාළ නැත.ඒ නිසා අමාත්‍යරයා ආසියාවේ පරීක්ෂණය ලංකාවේ තහනම බවට පත් කරගන්නේ ජාත්‍යන්තර වශයෙන් තමන්ට රටේ ක්‍රීඩාව කරගෙන යාමට ඇති දුෂ්කරතා පවසන ක්‍රිකට්වලට ලංකාවෙ බලා ගමු කියා තර්ජනාංගුලිය ඔසවද්දීය.
මේ සියල්ල පාදක කරගෙන සැකසෙන සංශෝධන කරන්නේ කවුද?අඩුම තරමේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සිංගම් සමඟ වැඩ කරන පිරිස් හෝ මෙහි හිඳුවා ගත්තේද? එසේ පුළුල් සමාලෝචන අදාළ නැත.දැනට ක්‍රිඩා අමාත්‍යවරයාට සතුටු කළ යුතු තැන් සතුටු කළ හැකි සීමාවන් සංශෝධනයේ සීමාවය.ඒවා සමස්ත ක්‍රීඩාවට අදාළවන්නේ ක්‍රීඩා පණත සමස්ත ක්‍රීඩාව නියෝජනය කරන නිසාය.එහි අරුත ආසන්නම තැනකදී පිරිසක් වෙනස් කර හඳුනාගත් පිරිසකට බලය පැවරෙන විදිහේ ව්‍යාපෘතියක්ය.
නමුත් අප එය දැක කියූ සේ ම ජාත්‍යන්තරයෙ එය ප්‍රශ්න කරමින් සිටින්නේය.පළමු විරෝධය නඟන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ය.ශ්‍රී ලංකා පාපන්දුවට චෝදනා එල්ලවද්දි,රටේ වෙනත් නීති ද සළකමින් යම් යම් නිර්දේශ ක්‍රීඩාවට සම්බන්ධ පරීක්ෂණවලින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ සේ ලැබෙද්දි ක්‍රීඩා අමාත්‍යංශ්‍ය,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ද පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරු ද සිටියේ කොකාගේ සීලයේය.
පාපන්දුවලට ඇති විරෝධය කවරේද?දේශපාලන ප්‍රතිරූප නැංවීමට මුදල් නාස්තිය සහ දේශපාලන සබඳතා ඇති අයට නිවැරදි ක්‍රමවේදයකින් තොරව වගකීම් පැවරීම ය.මූල්‍යමය වශයෙන් ප්‍රශ්න කෙරෙන සෑම කාරණාවක් පිටුපසම පාහේ ඇත්තේ දේශපාලන සබඳතාවයන් පිනවීම ගැන සැක සංකාය.එ නිසාම ද පාපන්දු සභාපතිවරයාට ක්‍රීඩා අමාත්‍යංශයේම පොලිස් විමර්ශණය ගත් තීන්දු ක්‍රියාත්මක කළේ නැත.ඒ නිසා පාපන්දු සම්මේලනය නිවැරදි කර ගනිමින් අමාත්‍යංශයට ඉදිරියට යාමට තිබූ ඉඩ ඇහිරිණ.ඔවුන්ගේ දීර්ඝ නින්දේදී පාපන්දු ක්‍රීඩා සමාජ දැඩිව අවදි වෙන්නට විය.ඒ අවස්ථාවේදී රටේ පොදු නීතියට කරුණු දක්වා එම විමර්ශණ වාර්තාවන් කතා කරන්නට වඩා විවෘත පරිසරයක් සකස් කරන්නට ඉඩ තිබිණ.නමුත් එය ඉටු කරේ කුඩු කෑ විත්තියට අනුවය.
දැන් උත්සාහ කරන්නේ ඒ අපවාදයෙන්ද බේරීමටය.ඒ නිසා විමර්ශණ කමිටුව වැරදි යැයි නම් කළ අයෙකුට ඉදිරිපත් විය නොහැකි බව සංශෝධනයකින් පවසන්නේ මේක තිබුණනම් එදා අපි තීරණය අරගෙන ඉවරයි වගේ යන කාරණයක් පෙනෙන්නට හරිමින්ය.එහෙත් රටේ පොදු නීතිය යටතේ වරදකිදී,වංචාවකදී,කුමන හෝ පරීක්ෂණ කමිටුවක තීරණයකදී අධිකරණයට ගොස් ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපනයක් ගැනීමට හැකිය.ක්‍රීඩා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා කැඳ හලා ගන්නෙත් නැතුව,රැවුලත් බේරා දෙන්නට යැයි අන්තිමට පැවසුවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් බලය අවශ්‍යය හෝ නැතිනම් තමන්ට නම්මවා ගන්නට කැමති පාර්ශවයක් බලයේ සිටීමට කැමති අයටය.
අප මුලින්ම තැබූ අදහසට අනුව මේ සංශෝධන සිඳු වූයේ ලෝකයේ ක්‍රීඩා ගැන පුළුල් අධ්‍යයනයකින් නොවේය.ඒවායේ හැඩය වෙනස් වෙන්නේ කෙසේද කියා සිතා නොවේය.තමන්ට කරන්නට නොහැකි වූ හෝ තමන් අතපසු කරගත් දේ නොකිරිමට හේතු හදා ගන්නය.තමන්ට ඇවැසි පරිදි ඇතැම් ක්‍රීඩාවන් පාලනය කර ගන්නටය.දැන් ඒවාට හදපු එවුන් හෝ අත්සන් තබපු එවුන් වෙනුවට වග කියන්නට වෙන්නේ ලංකාවේ ක්‍රීඩා කරන පිරිසටය.හැමදාම අමාත්‍යංශයේ ඉන්න බහුබූත සෙට් එකට අනුව ඔලිම්පික් කමිටුව යනු අමාත්‍යංශයේ අතපල්ලෙන් වැටි සිටිය යුතු එකකි.එහෙත් මේ ආයතනමය ව්‍යහුය එකිනෙකට වෙනස්ය.සමහර විට මේ සද්දෙ දැමීම් අවසානයේ ශ්‍රී ලංකාවට ඇමතිවරුන්ගේ සහ අමාත්‍යංශයේ ජෝක්වලින් නොනැවතී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ඔලිම්පික් ධජය යටතේ ද තරග කරන්නට ඇති ඉඩ ඇහිරෙන්නට ඉඩ ඇත.
ඇත්ත ඒ තරම් තිත්තය.පුටිංවත් නොතකන අයිඕසී ය හෙවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සූඩයන්,කූණිස්සන් වෙන ලංකාවේ දේශපාලනය පපුව පුම්බන්නට යාමේ ඊ ළඟ වෙඩි මුරය ඊට වඩා සැර විය හැකිය.ක්‍රීඩාව සමඟ සෙල්ලම් කරන්න එපා.ක්‍රීඩා අමාත්‍යංශයටද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවටද ක්‍රීඩා අමාත්‍යවරයා බෙරේ ගැහැව්වාට නො’නටා ඉන්නට වෘත්තිමය හැකියාවක් ඇත.නමුත් අපට පෙනෙන්නේ බෙරය පදම් කරද්දීම වන්නම් දහඅටම නටා හමාර කරන තරමට දේශපාලන නමනීයත්වයක් සහිත පරිපාලනයක්ය.
තව ඉස්සරහට තව වෙන්නට ඉඩ ඇත.මේ ඡේදයට පහතින් ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට යොමු කරන ලද ලිපියේ සිංහල පරිවර්ථනය ය.රොෂාන් රණසිංහ පටන් ගත්තේ හොඳ ගමණකට ලකුණු පෙන්නමින්ය.හරියට මීට කාලයකට පෙර මේ ආකාරයෙන්ම ආරම්භයක් ගෙන වටේ හිටි නඩේ විසින් කා දැමූ මහින්දානන්ද අලුත්ගමගේ ධූරයෙන් යන විට ලෝකයම අපට විරුද්ධ කර ගෙන සිටියේය.ක්‍රීඩා කරන විට නායකයා හැම ජාතියේ එකාගෙන්ම වැඩ ගත යුතුය.අරූගේ කැමත්තට මුගේ කැමත්තට තීරණ ගන්න කුලියට තරහා වෙන්නට බැරිය.හාම එකාගෙම සුළුම සුළු හැකියාවත් ප්‍රයෝජනයට ගන්න එකා ක්‍රීඩාවේ නායකයාය.ක්‍රීඩා පරිපාලනයේ දේශපාලන නායකත්වය මේ කෑල්ල හරියට ඉගෙන ගත්තොත් කවුරුත් වෙනුවෙන් තරහ නොවී හැමෝගෙම යාළුවා වී වැඩ ගන්න පුළුවන් නායකයෙක් වනු ඇත.ජයග්‍රහණ තීරණය වෙන්න හෝ පරාජය තීරණය වෙන්න අමාත්‍යකමද එක් සාධකයකි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ Kenny Jean-Marie විසින් පෙරේදා (22) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත යොමුකර ඇති විද්‍යුත් ලිපියේ සිංහල පරිවරත්නයක් පහත පළවේ.



ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL)
උපාලි හේවගේ මහතා
මහ ලේකම්
[email protected]

පැරිස්, 2022 දෙසැම්බර් 22
kje/sba/nak/rta/ssa


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණ මාර්ග සිතියම

හිතවත් මහලේකම්තුමනි,

2022 ඔක්තෝම්බර් මස අවසානයේ නිකුත් කරන ලද අධිකරණ නියෝගයට අනුව එකඟ වූ මාර්ග සිතියමෙන් බැහැර වී ඇති බවට, වාර්තා පැහැදිලිව පෙන්නුම් කරන බැවින් අපව පුදුමයට පත් කළ මෑත මාධ්‍ය වාර්තා කිහිපයක් අපි සලකා බලමු.

විශේෂයෙන්ම, FFSLහි කලින් වූ ව්‍යවස්ථාව මත පදනම්ව, නව FFSL විධායක කමිටුවක් මාස හතරක කාලයක් සඳහා තෝරා ගැනීමට ලබන ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වීමට නියමිත බව අපගේ අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ අපගේ මූලාශ්‍ර හරහා අපි අතිරේකව නිරීක්ෂණය කල, FFSL මහා සභාව විසින් 2022 සැප්තැම්බර් 22 දින, FFSL නව ව්‍යවස්ථාව සම්මත කරන ලද අතර, එය අදාළ රජයේ බලධාරීන් විසින් නිරීක්ෂණය කර, අවශ්‍ය නම්, නව ව්‍යවස්ථාවෙහි “වෙනස් කිරීම්” කර සම්මත කර ගැනීම සඳහා FFSL වෙත ඉදිරිපත් කරනු ඇත.

ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, FFSL සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අදාළ නියෝජිතයන් සමඟ 2022 සැප්තැම්බර් 5-8 දිනවල කොළඹට පැමිණි පළමු දූත මෙහෙයුමෙහි පැවති පුළුල් සාකච්ඡා වලින් පසුව මාර්ග සිතියමක් සඳහා දැනටමත් එකඟ වී ඇති බව FIFA සහ AFC සිහිපත් කිරීමට කැමතියි. (cf. 2022 සැප්තැම්බර් 8 දිනැති FIFA-AFC ලිපිය). විශේෂයෙන්ම, FFSL මහා සභාව විසින් සම්මත කරන ලද නව ව්‍යවස්ථාව මත පදනම්ව, 2022 ඔක්තෝම්බර් මස අවසානය වන විට නව FFSL විධායක කමිටුව තෝරා පත් කර ගැනීමට එකඟ විය.


අවසානයේදී, පිරිස 2022 සැප්තැම්බර් 22 වන දින, නව FFSL ව්‍යවස්ථාව සාර්ථකව සම්මත කරන ලද මහා සභාව නිරීක්ෂණය කිරීම සඳහා FIFA-AFC ඒකාබද්ධ දූත පිරිස කොළඹට පැමිණියහ. එබැවින් FIFA සහ AFC සලකනු ලබන්නේ 2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාව මගින් FFSL ක්‍රියාත්මක විය යුතු බව සහ එහි ඉදිරි මැතිවරණ සංවිධානය කිරීම නව ව්‍යවස්ථාපිත පදනම නියෝජනය කල යුතු බවයි. මේ සම්බන්ධයෙන්, FIFA සහ AFC හි අදහස වන්නේ, අපගේ ආරම්භක මාර්ග සිතියමේ සන්දර්භය(context) තුළන් පසුගිය මාස කිහිපය තුළ ගත් උත්සාහය සහ ප්‍රගතිය නව මාර්ග සිතියම මගින් නිසැකවම අනතුරේ හෙළනු ඇති බවයි.

මෙම පසුබිමට එරෙහිව, අපි FFSL එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත බැඳීම වෙත (cf. art.[වගන්තිය] 14 par.[ඡේදයෙහි] 1 (i) සමඟ ඒකාබද්ධව FIFA ප්‍රඥප්තිවල 1 වෙනි ඡේදයෙහි 19 වගන්තිය සහ AFC ව්‍යවස්ථාවෙහි 4 වෙනි ඡේදයෙහි 15වෙනි වගන්තියට) අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

එමෙන්ම එහි කටයුතු කිසිඳු තෙවන පාර්ශ්වයකින් අනිසි ලෙස බලපෑමට ලක් නොවන බව සහතික කරමු. තවද, FIFA ව්‍යවස්ථාවෙහි 2වෙනි සහ 3වෙනි ඡේදයෙහි 14 වගන්තියට අනුව, තෙවන පාර්ශ්වයන්හි බලපෑම අදාළ සාමාජික සංගමයේ වරදක් නොවුණත්, ඉහත සඳහන් කළ FIFA ව්‍යවස්ථාවෙහි වගකීම උල්ලංඝනය කිරීම සපයා ඇති සම්බාධකවලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න.


ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අපගේ පෙර අන්‍යෝන්‍ය අවබෝධයට අනුකූලව සකස් කරන ලද මාර්ග සිතියමට අනුව වසර හතරක ධුර කාලයක් සඳහා නව විධායක කමිටුවක් තෝරා ගැනීම සඳහා නව මාර්ග සිතියමක් පිළියෙල කර 2023 ජනවාරි 3වන දිනට පෙර අපට ලබා දෙන ලෙස අපි FFSL වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමු. 2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුව ඉහත සඳහන් රාමුවට අනුකූලව මැතිවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වන අතර FFSL හි ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.

ඔබට විශ්වාසි,

Kenny Jean-Marie
ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan