මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදෙමි – ජනපති

Date:

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා සඳහන් කළේ සැමට ප්‍රේමය පතුරන, මනුෂ්‍යත්වය බෙදාදෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට මේ නත්තල් සමයේ සියළු දෙනා අදිටන් කරගත යුතු බවයි.

වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වෙමින් සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

වෛරය හා කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් භව භෝගයෙන් සමෘද්ධිමත් වු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යථාර්ථවාදිව ලෝකය දෙස බැලීමට ආදර්ශය සැපයු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි ගන්වන නත්තල, ප්‍රේමය, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් කර ගත යුතු බවයි.

මෙම වසරේ නත්තල, යේසුස් වහන්සේ හමුවන නත්තලක් කරගතයුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් සුබ පැතුම් පණිවුඩයේ දක්වා තිබේ.

නත්තල් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ යේසුස් වහන්සේ මිනිසුන්ට, සතුන්ට සතුන්ට පමණක් නොව පරිසරයට පවා මහා කරුණාවෙන්, දයාවක් දැක්වූ අපූරු ශාස්තෘවරයෙකු බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...