ආනයන සීමා ලිහිල් කිරීම තවදුරටත්. ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි – සියඹලාපිටිය

Date:

රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආපනය සීමා පැනවුවද , මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා ඉවත් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිලිතුරු ලබාදෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ , තවදුරටත් ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 අතුරින් දේශිය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රැසක් ඇති බවත් , ඒ අනුව එම භාණ්ඩ වල හැර අනිකුත් භාණ්ඩ වල ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් පවතින බවයි.

කෙසේ වෙතත් කටුව රහිත පොල් මද , වෙසක් කූඩු, සරුංගල් , උණ බට ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු දේශිය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ තවදුරටත් , බහුලව අසීමාන්තිකව ගෙන්වීමට කටයුතු කරනවාද නොඑසේ නම් මේවා දේශිය වශයෙන් නිපදවා ජාතියක් වශයෙන් නැගී සිටිනවාද යන්න සකසා බලන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...