සජිත්ගෙන් අක්කරෙයිපත්තු රෝහලට ලක්ෂ 39ක් වටිනා උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

Date:

අද වන විට මුළු රටම විකෘති වී ඇති බවත්, ඒ අනුව රටේ ආණ්ඩුව විකෘති වී ඇති බවත්, ආර්ථිකය විකෘති වී ඇති බවත්, ජන ජීවිත විකෘති වී ඇති බවත්, සෞඛ්‍ය පද්ධතිය විකෘති වී ඇති බවත්, හැසිරීම් රටාවන් විකෘති වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ පවතින විකෘතිය වෙනස් කොට රට ප්‍රකෘති කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව පැවසීය.

විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුවත් භාවය ඇති වෘත්තිකයන්ට සවන් නොදෙන, විශේෂඥයින්ට සවන් නොදෙන ආණ්ඩුවක් රට ගොඩනගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, එහි ආසන්නම උදාහරණය වන්නේ විදුලි ඉංජිනේරුවන් විසින් කලට වේලාවට ගල් අඟුරු ටික ආනයනය කොට තබා ගන්නයැයි කියා කරන ලද ඉල්ලීමට ආණ්ඩුව දැක්වූ මන්දගාමී සහ වැරදි ක්‍රියා ක්‍රියාමාර්ගයේ යැයිද පැවසීය. ගල් අගුරු රැස් කොට තබා ගැනීමේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වනවා වෙනුවට ඇමතිවරයා විසින් විදුලි ඉංජිනේරුවන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න තත්වයට පත්ව ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා මෙවැනි අන්තනෝමතික තීන්දු තීරණ හේතුකොටගෙන රටම විකෘති වන බව ද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ “සමගි ජන බලවේගයෙන් හුස්මක්” 56 අදියර යටතේ රු.3,900,000.00 වටිනා රෝහල් උපකරණ අක්කරෙයිපත්තු රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...