හිරුණිකාගේ සුනඛ සංසර්ග දේශපාලනය ….

Date:

බටහිර ලෝකයේ ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන ලිවින් ටුගෙදර් සබඳතාවයක් කෙලවරවන්නේ දෙදෙනා සුහදව එකිනෙකාට සුබපතමින් වෙන්වී යාමෙන්ය. නමුත් අපේ රට ඇතුලේ ලිවින්ටුගෙදර් සඹඳතාවයක් අවසන් වන්නේ දෙදෙනා නයි මුගටි සතුරන් බවට පත්වී සහ එකෙකු විසින් අනෙකාගේ ආත්මය පවා විනාශකර දැමීමෙන්ය.

ඇතැම්විට එතනින්ද අවසන් නොවන මේ ලිවින්ටුගෙදර් අවසාන ජවනිකාවන් රටේ මහා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමටද ඉඩ ඇත. ආශු මාරසිංහ හා ඔහුගේ හිටපු සහකාරිය අතර ඇතිවූ එවන් හුටපටයක් හිරුණිකාගේ මාධ්‍ය සංදර්ශන හරහා රනිල්ව පන්නා දැමීමේ මහා අරගලයක් බවට පත්වූයේද ඒ ආකාරයටය.

එහිදී හිරුණිකා විසින් මාරසිංහ සුනඛයෙකු සමඟ සංසර්ගයේ යෙදෙනවා යැයි කියවෙන වීඩියෝවක්ද තලු මර මර කැටයම් දමමින් ඉදිරිපත් කලේය. පසුව මාද එම වීඩියෝව නැරඹුවෙමි. නමුත් කැටයම් දමමින් පැවසුවා සේ ඒ හැටි කිසිවක් එහි නොවීය. ඇත්තෙන්ම එහි තිබුනේ රනිල්ට දමා ගැසීම සඳහා හිරුණිකාට පරණ අසූචි ගොඩක් හමුවීම පමණි.

ඇත්තෙන්ම මේ මොහොතේ හිරුණිකාගේ දේශපාලනයේ පදනම සකස්වී ඇත්තේ කොළොන්නාවේ ගොසරෑ ගැලරියට චන්ඩි රැජින වීමේ භාරතගේම මජර දේශපාලනයේ දිගුව මතය.

මේ මොහොතේ විපක්ෂය විසින් ආන්ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්න ගනනාවක් ඇත. එළඹෙන වසරේ පාසල් උපකරණ මිලදී ගත නොහැකිව පාසල් අධ්‍යාපනයෙන් හැලීයාමට නියමිත විශාල ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය වීමට නියමිතය. ඔවුන් වෙනුවෙන් ආන්ඩුව අනුගමනය කරන සහනදායී පිලිවෙත කුමක්ද..? අනික් පැත්තෙන් ගල් අඟුරු අර්බූදය කට ගාවටම පැමිණ තිබේ. ආන්ඩුව සතුව ඒ සඳහා විකල්ප විසඳුම් තිබේද ?

හිරුණිකා දන්නා දේශපාලන සිතියම තුල මේ සංකීර්ණ ආර්ථික අර්බූද කිසිවක් නොමැත. ඒ වෙනුවට ඇය වල්බූරු මාධ්‍ය ජනප්‍රියත්වයක් සොයාමින් අඳුරේ දිවයයි …

මහා ආර්ථික අර්බුදයක ගිලී ඇති රටේ ඊළඟ ආන්ඩුවේ රට නැගිට්ටවීමට යන ව්‍යවස්තාදායක සබාවේ දෙසිය විසිපහෙන් ඇය (ඇතැම්විට ) එක් අයෙකි. සැබැවින්ම මේ මොහොතේ හිරුණිකා වර්ගයේ චරිතයක් වෙනුවෙන් වෙන්වන පාර්ලිමේන්තු අසුනක් පවා අපතේ නොයන්නේද …?

ඇත්තවශයෙන්ම ගත්කල හිරුණිකා වැන්නන් මේ ආර්ථික අර්බූදයේ මූලයන් දන්නේ නැත. ඔවුන්ට මේ අර්‍ර්බුධ අදාලද නැත. ඇය වැන්නන්ට අවශ්‍යවන්නේ මොන අර්බූදයේ කර මතින් හෝ පියමැන පාර්ලිමේන්තුවට රිංගාගෙන කෙසේ හෝ රාජ්‍ය ඇමති කට්ටක් හෝ තලාගැනීම පමණි.

මෙහිදී හිරුණිකා සහ ෆොන්සේකා වැනි මන්ද මානසික කළහකාරී චරිත නිසා ස.ජ.බ.යට ඇතැම්විට ලුම්පන් සමජ කොටස් වල යම් ආකර්ශනයක් ඇතිවිය හැකිය. නමුත් පෙර එ.ජා.ප.යේ පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පදනම මොවුන් නිසා නාය යෑමටද ඉඩ ඇත.

මේ සුනඛ වෘතාන්තය හරහා අපට පැහැදිලි වූ අනෙක් කාරනාව නම් රටේ වාම ෆේස්බුක් ප්‍රජාවගේ අඳබාල හැසිරීම හා ඔවුන්ගේ දේශපාලන අවබෝධයේ පරිමාවේ තරමය. ඔවුන් මේ සිද්ධිය සම්බන්දව සොයාබැලීමක් හෝ විචාරයක් කිසිවක් කලේ නැත. ඒ වෙනුවට “රනිල්ට ගහනවා නම් ඕන කුණු ගොඩක එල්ලෙමි” ස්තාවරයේ සිට හිරුණිකා පරදවමින් රනිල්ට එරෙහි අසූචි ප්‍රහාරවල නියැලුනි.

වාමාංශිකයන් සතුව රටේ ආර්ථිකය සම්බන්දව සහ ජනතා සුබසාධනය සම්බන්දව රාජ්‍යයට එරෙහිවූ විවේචන තිබිය යුතුමය. නමුත් එවන් ප්‍රසස්ථ විවේචන ගැන මෙලෝ අදහසක් නොමැතිව ඊනියා සුනඛ සදාචාරවාදයක එල්ලීම තුල ප්‍රකටවන්නේ ප්‍රතිවාදියාගේ ආත්මය විනාශකර දමන ගෝත්‍ර චින්තනය හැර අන් කිසිවක් ඔවුන් සතුවද නොමැති බවයි.

ඇත්තෙන්ම මේ වම්මුන්ට මාක්ස්ගේ ඒංගල්ස්ගේ බාවිතාව මත පිහිටවූ ප්‍රබුද්ධ දර්ශනයක් නැත. ඒ හේතුවෙන්ම ඔවුන් හිරුණිකාගේ මෝඩ ගැලරිය බවටද පත්වෙමින් සිටී …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...

වැසි තත්වය තවදුරටත් වෙනස් වෙයි – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 18) දිනයේදී බස්නාහිර සහ...